බොහොම බොහෝම කාලයකට පස්සෙ ඔන්න ආයෙත් මට මගේ පුංචි බ්ලොග් එක මතක් වුනා. ජීවිතේ අතිසුන්දර වෙලා වගේම කාර්යබහුලත් වෙලා නිසා මේ පැත්තෙ එන්න මට අමතකම වෙලයි තිබුනෙ. ඒ වුනත් හදිසියෙම හිතුන මගේ පුංචි බ්ලොග් අඩවිය පැත්තෙත් ඇවිත් බැලුවොත් හොදයි කියල.
ගෙවී ගිය කාලය ගැන පුංචි සාරාංශයක් තියලම ආයෙත් වැඩ පටන් ගත්තොත් හොදයි කියල හිතුන.
පසුගිය කාලෙ කොච්චර නම් දේවල් වුනාද... හ්ම්ම්...
ඉස්සෙල්ලම, මාස 70ක ආදර කථාවේ අතිසුන්දර ජයග්‍රහණය සනිටුහන් කරමින් අපි දෙන්නා ගීතිකා සහ ජය මංගල ගාථා මැද යුග දිවියට එළඹුනා. ජීවිතේ ලොකුම ලොකුම හීනය සැබෑ වුනා....
ඒ හීනෙට පස්සෙ හිතට එකතු වුනු අලුත් හීනෙත් ලගදීම සැබෑ වෙලා අපේ පුංචි කැදැල්ලට පුංචි අමුත්තෙකුත් එකතු වෙනවා...... ඉතින් ජීවිතේ කොච්චර නම් වෙනස් වෙලාද....
විවාහ උත්සවය හා බැදුනු සිදුවීම් නම් මේ ලිපියට එකතු කලොත් මේක නවකතාවක් වෙයි. ඒක නිසා ඒ ටික වෙනම ලියන්නම්.
ඒ අතරෙ වෘත්තීය ජීවිතෙත් ටිකක් විතර වෙනස්වීමකට ලක් වුනා. ස්ථාන මාරුවක් ලබල නිවසට ආසන්න ශාඛාවකට සේවය කරන්න යන්න ලැබුන. හැබැයි ඒක නම් හිතට ටිකක් දුකක්. නිවසට ආසන්න ස්ථානයක් නිසා නෙමේ, එකට එකතු වෙලා පවුලක් වගේ හිටපු සුන්දර සේවා ස්ථානයක් හැර යාමට සිදුවීම. හැබැයි එදා වගේම ඒ පවුලෙ සහෝදර සහෝදරියො තාමත් මාත් එක්ක එකතු වෙලා ඉන්න එක නම් ගොඩක් වටින දෙයක්.
ආයෙත් බ්ලොග් එක පැත්තෙ ආව එක හොදම හොද දෙයක් කියල ආයෙමත් හිතුන නිසා හෙට අනිද්දම තවත් ලිපියකින් හමුවෙමු.
Saturday, September 14, 2013
Wednesday, March 2, 2011
අපි 'අපි' කරපු හැටි ....
අන්තිමේට මම ලියපු සටහන වඩා වෙනස් විදියෙ මගේ අත්දැකීමක් ගැන අද ලියන්න හිතුන. මට ඉස්කෝලෙ යන කාලෙ වෙච්ච දෙයක් ගැන. මේ සිද්ධිය ඉස්කොලෙ කාලෙ වෙච්ච රසබරම සිද්ධියක් විදියට මගේ හිතේ හැමදාම තියන එකක්. වැඩි විස්තර නැතුව ලියන්න ගන්නම්කො.
අපි 10, 11 පන්තිවල ඉන්නකොට තමයි සිද්ධිය වුනේ. ඒ දවස්වල අපි බැහැල guiding කළා. බැහැල කියන්නෙ, ඒ දවස්වල ජීවිතේ වැදගත්ම දේ වුනේ guiding තමයි. guiding වල නාට්‍ය තරගයක් තිබුන එ අවුරුද්දෙ. අපේ ඉස්කොලෙනුත් මේකට ඉදිරිපත් වුනා. නාට්‍ය කණ්ඩායම හෝගාල නාට්‍යය පුරුදු වුනා. හැබැයි මේ දවස්වල අපේ ඉස්කෝලෙ හිටපු ප්‍රින්සිපල(ඇක්ටින් ප්‍රීන්සිපල් කෙනෙක් හිටියෙ) පන්ති වෙලාවෙ බාහිර වැඩ කරන එක තහනම් කලා. ප්‍රැක්ටිස් කරන්න වෙලාවකුත් නෑ. නාට්‍යය දිනා ගන්නත් ඕනෙ.
ඒක හින්ද අපි ඉස්කෝලෙ තියන ටිකක් විතර කාටවත් ඇහැ නොගැහෙන තැනක හොරෙන් නාට්‍යය පුරුදු වෙන්න ගත්ත. තැන හොයා ගත්ත විදිය කියන්න බෑ. ඒකට ලොකු අයගෙ සහයෝගය ගත්ත නිසා. කොහොම හරි ඔය තැන බොහොම පොඩි ඉඩක් තියන තැනක්. ඉඩෙන් වැඩි හරියක තිබුනෙ පරණ පොඩි ටොයිලට් වලක්.
තවත් දෙයක් කියන්න තියනව මේ සීන් එකට මම අදාල වුනේ නාට්‍ය කණ්ඩායමේ සාමාජිකාවක් විදියට නෙමේ. මගේ යාළුව හිටපු හින්ද චාන්ස් එකෙන් උපරිම ප්‍රයෝජන අරන් මාත් පන්තිය කට් කරා. මේ දවස්වල අපේ පන්තිවල මිස්ලා අපි දෙන්න පන්තියෙ නැති එක ගැන හොයන එක අත ඇරල තිබුනෙ. මොකද ඒ තරමටම අපි පන්තියෙ නැති නිසා.
ඔන්න දැං කට්ටිය සීරියස්ව නාට්‍යය රග පානව. මම ලග තිබුන පඩියක් උඩට වෙලා ඉස්සරහින් ඉදගෙන වැඩේ අධීක්ෂණය කරනව. නාට්‍යයේ මැද හරියෙ තියනව බේඩ්න් පවල් සාමිතුමා නාට්‍ය කණ්ඩායමට මුණ ගැහෙනව. ඕකට රග පෑවේ හොද උස මහත නංගි කෙනක්.(අනේ හරිම හොද ලමයා. හොද කලාකාරියක්) ඔය වෙලාවෙ එයාගෙ වාරෙ ඇවිල්ල තිබුනෙ නෑ. ඉතින් එයා මට එහා පැත්තට වෙලා හිටගෙන හිටිය වාරෙ එනකන්. හදිස්සියෙම එයාට එක පාරටම මොකක්දෝ එකක් හිතිල අත් දෙකත් දෙපැත්තට විසි කරල 'මම තමයි බීපී' කියල කෑගහගෙන නාට්‍ය කණ්ඩායම මැදට පැන්න. බලාගෙන ඉන්නකොට කට්ටියම ගිලා බැස්සා. සමහරු රබන් අරන්, එක්කෙනෙක්ගෙ අතේ එකෝඩියන් එකක්. ගොඩ හිටියෙ මායි තව එක නංගි කෙනෙකුයි විතරයි. ගිලා බැස්ස සමහරු පුළු පුළුවන් විදියට ගොඩ අවා. ඉතුරු එවුන් බකන්නිලන් වලක් ඇතුලට වෙලා බලන් ඉන්නව. හැමෝටම පන යනකන් හිනා.
වෙලා තිබුනෙ අර නංගි පැනපු පාරට අර පරණ ටොයිලට් වලේ කොන්ක්‍රීට් එක දෙකට මැදින් පැලිල. හොද වෙලාවට කාටවත් බරපතල තුවාලයක් නෑ. එක්කෙනෙක්ගෙ විතරක් කකුල පතුරු ගිහින් තිබුන. එයාට ෂේප් එකේ බෙහෙත් දාගෙන අපි හීන් සීරැවෙ ආපහු පන්ති වලට ගියා. හැබැයි අදටත් එදා එතන හිටපු සෙට් එකම අපි 'අපි' කරපු හැටි ගැන මතක් කරල හිනා වෙනව ඇති.
කණ්ඩායමේ හිටපු අයට පුළුවන් නම් ඔන්න අදහසක් ලියන්න එදා අත්දැකීම ගැන.
Wednesday, February 16, 2011
රාවණා - සිංහලයේ වාර්තා ගත නොවූ අතීතය
මේ මාතෘකාව දැන් ටිකක් වැඩිපුර කථා බහට ලක් වෙන දෙයක්. මාත් ගොඩක් ආසාවෙන් හම්බ වුනාම කියවන දෙයක්. මේ මාතෘකාව ගැන මගේ හිතේ ඇදිල තියෙන දේ මං දැම්මම කියන්නෙ නෑ. හේතුවත් මේ බ්ලොග්වලින් අනාගතේ දවසක මං කියන්නං. අදට මං මේ මාතෘකාව ගැන දන්න දේවල් ටික ලියන්නං. මේ ගැන මධුරංගගේ සටහන් වලත් post 2ක්ම තිබුනා.
රාවණා ගැන ලංකාවට අදාළව තිබුන විස්තර ඉස්සෙල්ලම මං දැක්කෙ ලංකාදීප පත්තරෙන්. ඒක හරිම වැදගත් ලිපි පෙලක්. අවාසනාවට ඒ දවස්වල මට ඒ මාතෘකාව ගැන මෙච්චර පිස්සුවක් තිබුනෙ නෑ. ඒක නිසා මං ඒව එකතු කර ගත්තෙ නෑ.
රාවණා කියන්නෙ ගොඩක් කාලෙකට කලින් ලංකාවෙ හිටපු රජ කෙනෙක් කියන මතය ගැන හැමෝම දන්නවනෙ. දඩු මොණරය කියන යානයෙන් ඔහු අහසෙන් ගමන් කළා කියලා කියනවා. (ඒ කියන්නෙ රයිට් සහෝදරයන්ට කලින් අහසින් ගමන් කලේ ලංකාවෙ කෙනෙක්.) වේරගන්තොට කියන්නෙ ඒ අහස් යානය ගොඩ බස්සවපු තැනක් කියල අපේ මිනිස්සු අතර ප්‍රසිද්ධයි.
රාවණා කියන්නේ යක්ෂ ගෝත්‍රිකයෙක් විදිහට හදුන්වනවා. යක්ෂ කියන වචනය මහා සිංහලේ වංසකතාව පොතේ අර්ථ දක්වල තියෙන්නෙ යකඩ වලින් වැඩ ගත්ත කියන අර්ථයෙන්. රාවණා රාම අතර යුද්ධෙදි රාම බ්‍රහ්මායුධයෙන් පහර දීලා රාවණාව මරා දැමුවා කියන එක තමයි රාමායණයේ සදහන් වෙන්නෙ. නමුත් ලංකාවෙ මිනිස්සු අතර අදහසක් තියනව බ්‍රහ්මායුධයෙන් පහර දුන්නට රාවණා මිය ගියේ නැහැ කියල. රාවණාට පස්සෙ ලංකාවෙ රජ වුන විභීෂණ ඒ කියන්නෙ රාවණාගෙ මල්ලි රාවණාගෙ දේහය යහන්ගල තැන්පත් කරල තියනව. නමුත් රාවණාට පාක්ෂික මිනිස්සු ඒ දේහය පැහැර ගෙන ගිහින් තියනව. ලංකාදීප ලිපි පෙලේ නම් තිබුනෙ ඒ දේහය අන්තිමට හැංගුවෙ මහකුඩුහුගල කියල. ඒක වලපනේ කදු පන්තියෙ තියන කන්දක්.
සිහි මුර්ඡා වුන රාවණා දේහය කවදා හරි දවසක ගංගා නම් ගගේ දිය බිදුවකින් තෙමෙනවලු. එතකොට රාවණාට නැවතත් පණ එනවලු. ඉන් පස්සෙ රාවණා හිමාල වනයේ මහදඹගස්ආර අරණට භාවනා කරන්න යනවා කියල ඉපැරණි පුස්කොල පොතක තියනවලු. ඒක ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර දක්වපු අදහසක්. මේ අන්තිම ටික මං දැන ගත්තෙ ලංකා පත්තරේ පල වෙච්ච ලිපියකින්. මේ ලිපිය මං දැක්කෙ අහම්බෙන් අපේ ගෙදර කුස්සියෙ බිම වැටිලා තියෙද්දි.
ඒ ලිපියත් ගොඩක් ආස හිතෙන කතාවක් තියන එකක්. පෘතුගීසීන් ගෝවට රැගෙන ගියේ රාවණා දේහය ද? කියන මාතෘකාවෙන් පල වෙච්ච ඒ ලිපියෙ ලියල තිබුනෙ ශුද්ධ වූ ෆ්‍රැන්සිස් සේවියර් මුනිතුමන්ගේ දේහය විදිහට සලකල පෘතුගීසීන් ගෝවට රැගෙන ගියපු දේහය ගැන. බොහෝ අයගෙ මතයක් තියනව ඒ තොටගමුවේ ශ්‍රී රාහුල මාහිමියන්ගෙ කියල. ඒ ශරීරයෙ නිය සහ කෙස් තාමත් වැවෙනවලු.
මං මේ ලියපු ටිකේ කරැණු එකට ගොනු කරල තියන විදිය නම් කිසි පිලිවෙලක් නැහැ. මං මේ ලිව්වෙ මට මතක් වෙන පිලිවෙලට. ආයෙත් මතක් වෙන විදිහට තව දන්න විස්තර ටිකක් ලියන්නං පස්සෙ. මොකද නැත්තං මේ ලිපිය හැමදාම මගේ drafts වල තියෙන එකක් වේවි.

Tuesday, February 15, 2011
මගේ පළමු බ්ලොග් සටහන
සති දෙකක් තිස්සෙ බ්ලොග් එක පටන් ගන්න හදන්නෙ. අද නං මං මේක ලියල post කරනවමයි කියල හිතා ගෙනයි ඉන්නෙ. (අනේ අදවත් පුළුවන් වෙන්න...)
මං සති දෙකකට කලින් අපේ සරදියෙල් මල්ලිගෙ ලොවෙත් නෑ බ්ලොග් එක කියෙව්වා. ඉතිං ඕං මටත් ආසාවක් ආවා බ්ලොග් ලියන්න. මොකද මාත් ලියන්න කියවන්න ආස නිසා. ගිය සති දෙක පුරාම ගෙදර ආවම කලේ බ්ලොග් කියව කියව ලියන්න ගන්න හදපු එක. ඒත් මොන posting ද. මට අතරමගදි වැඩේ අමතකයි. අනිත් අයගේ ලිපි කියව කියව හිනා වෙවී ඉන්න ගියාම. අද ඒක නිසා මං කාගෙවත් බ්ලොග් එකකට නොයා මගේ වැඩේට අත ගැහුව.
මේක ඉතිං කාටත් කරදරයක් වාතයක් නොවී හිතේ තියෙන අදහස් කියාගන්න පුළුවන් හොද මාර්ගයක් නෙ. මං ආසම කරන මාතෘකාවක් මේ දවස්වල මගෙ හිතේ තියනව. ඒක ගැන ඉතිං මං කථා කරන්නෙ මගෙ ආදර හබි එක්ක විතරයි (හබි කිව්වට එයා මගෙ වෙන්ඩ හබි). මොකද මගේ වැල් වටාරං අහං ඉන්න එකම කෙනා එයානෙ.
දැං මට පුළුවන් එයා එක්ක කථා කරාට පස්සෙ මගේ හිතේ එකතු වෙච්ච ඔක්කොම විස්තර ටික තව කාට කාට හරිත් කියව ගන්න පුළුවන් වෙන්න බ්ලොග් එකේ ලියන්න. :) ජොලි...
ඔන්න ඉතිං මං මගේ පළවෙනි සටහන post කරන්නයි යන්නෙ........
Subscribe to:
Posts (Atom)