Wednesday, March 2, 2011

අපි 'අපි' කරපු හැටි ....


අන්තිමේට මම ලියපු ‍සටහන වඩා වෙනස් විදියෙ මගේ අත්දැකීමක් ගැන අද ලියන්න හිතුන.  මට ඉස්කෝලෙ යන කාලෙ වෙච්ච දෙයක් ගැන.  මේ සිද්ධිය ඉස්කොලෙ කාලෙ වෙච්ච රසබරම සිද්ධියක් විදියට මගේ හිතේ හැමදාම තියන එකක්.  වැඩි විස්තර නැතුව ලියන්න ගන්නම්කො.

අපි 10, 11 පන්තිවල ඉන්නකොට තමයි සිද්ධිය වුනේ.  ඒ දවස්වල අපි බැහැල guiding කළා.  බැහැල කියන්නෙ, ඒ දවස්වල ජීවිතේ වැදගත්ම දේ වුනේ guiding තමයි.  guiding වල නාට්‍ය තරගයක් තිබුන එ අවුරුද්දෙ. අපේ ඉස්කොලෙනුත් මේකට ඉදිරිපත් වුනා.  නාට්‍ය කණ්ඩායම හෝගාල නාට්‍යය පුරුදු වුනා.  හැබැයි ‍මේ දවස්වල අපේ ඉස්කෝලෙ හිටපු ප්‍රින්සිපල(ඇක්ටින් ප්‍රීන්සිපල් කෙනෙක් හිටියෙ) පන්ති වෙලාවෙ බාහිර වැඩ කරන එක තහනම් කලා. ප්‍රැක්ටිස් කරන්න වෙලාවකුත් නෑ. නාට්‍යය දිනා ගන්නත් ඕනෙ. 

ඒක හින්ද අපි ඉස්කෝලෙ තියන ටිකක් විතර කාටවත් ඇහැ නොගැහෙන තැනක හොරෙන් නාට්‍යය පුරුදු වෙන්න ගත්ත.  තැන හොයා ගත්ත විදිය කියන්න බෑ.  ඒකට ලොකු අයගෙ සහයෝගය ගත්ත නිසා.  කොහොම හරි ඔය තැන බොහොම පොඩි ඉඩක් තියන තැනක්. ඉඩෙන් වැඩි හරියක තිබුනෙ පරණ පොඩි ටොයිලට් වලක්.
තවත් දෙයක් කියන්න තියනව මේ සීන් එකට මම අදාල වුනේ නාට්‍ය කණ්ඩායමේ සාමාජිකාවක් විදියට නෙමේ.  මගේ යාළුව හිටපු හින්ද චාන්ස් එකෙන් උපරිම ප්‍රයෝජන අරන් මාත් පන්තිය කට් කරා.  මේ දවස්වල අපේ පන්තිවල මිස්ලා අපි දෙන්න පන්තියෙ නැති එක ගැන හොයන එක අත ඇරල තිබුනෙ. මොකද ඒ තරමටම අපි පන්තියෙ නැති නිසා.

ඔන්න දැං කට්ටිය සීරියස්ව නාට්‍යය රග පානව. මම ලග තිබුන පඩියක් උඩට වෙලා ඉස්සරහින් ඉදගෙන වැඩේ අධීක්ෂණය කරනව.  නාට්‍යයේ මැද හරියෙ තියනව බේඩ්න් පවල් සාමිතුමා නාට්‍ය කණ්ඩායමට මුණ ගැහෙනව.  ඕකට රග පෑවේ හොද උස මහත නංගි කෙනක්.(‍අනේ හරිම හොද ලමයා. හොද කලාකාරියක්) ඔය වෙලාවෙ එයාගෙ වාරෙ ඇවිල්ල තිබුනෙ නෑ. ඉතින් එයා මට එහා පැත්තට වෙලා හිටගෙන හිටිය වාරෙ එනකන්.  හදිස්සියෙම එයාට එක පාරටම මොකක්දෝ එකක් හිතිල  අත් දෙකත් දෙපැත්තට විසි කරල 'මම තමයි බීපී' කියල කෑගහගෙන නාට්‍ය කණ්ඩායම මැදට පැන්න.  බලාගෙන ඉන්නකොට කට්ටියම ගිලා බැස්සා.  සමහරු රබන් අරන්, එක්කෙනෙක්ගෙ අතේ එකෝඩියන් එකක්.  ගොඩ හිටියෙ මායි තව එක නංගි කෙනෙකුයි විතරයි. ගිලා බැස්ස සමහරු පුළු පුළුවන් විදියට ගොඩ අවා. ඉතුරු එවුන් බකන්නිලන් වලක් ඇතුලට වෙලා බලන් ඉන්නව.  හැමෝටම පන යනකන් හිනා.

වෙලා තිබුනෙ අර නංගි පැනපු පාරට අර පරණ ටොයිලට් වලේ කොන්ක්‍රීට් එක දෙකට මැදින් පැලිල. හොද වෙලාවට කාටවත් බරපතල තුවාලයක් නෑ.  එක්කෙනෙක්ගෙ විතරක් කකුල පතුරු ගිහින් තිබුන.  එයාට ෂේප් එකේ බෙහෙත් දාගෙන අපි හීන් සීරැවෙ ආපහු පන්ති වලට ගියා.  හැබැයි අදටත් එදා එතන හිටපු සෙට් එකම අපි 'අපි' කරපු හැටි ගැන මතක් කරල හිනා වෙනව ඇති.

කණ්ඩායමේ හිටපු අයට පුළුවන් නම් ඔන්න අදහසක් ලියන්න එදා අත්දැකීම ගැන.

1 comment: