Saturday, November 23, 2013

සිඟිතිගේ ආදරේ - 3 කොටස

නොබලපු අය ඉන්නවනං මෙන්න තියනව
පළමු කොටස
දෙවන කොටස

ඉතිං ඔන්න ගෙදර කට්ටිය නං ෂේප්  වුනා.  ඒ වුනාට මං...



මට හිතට සෑහෙන්න අවුල්.  යාළුව තමයි මගේ ජීවිතේට මට හිටපු එකම පිරිමි යාළුවා.  ගියෙත් කාන්තා පාසලකට වගේම ටියුෂන් වලදිවත් මට කවදාවත් පිරිමි යාළුවො සෙට් වෙලා නෑ.  යාළුකමටත් වඩා ඔන්න ඉතිං ඇත්තම කිව්වොත් හිතේ හිටපු සිහින කුමාරයාම තමයි. රූපයෙන් වගේම ගතිගුණවලිනුත් මං බලාපොරොත්තු වුන විදියේම කෙනෙක්. 

ඒත් ඉතිං අම්මල කවදාවත් කැමති වෙන්නෙත් නෑනෙ.  ඔහොම හිත හිත මං ඇදට වෙලා හිටිය.  ඔන්න එතකොට මගේ ජංගම දුකට එනව බොහොම දුක්බර මැසේජ් එකක්... යාළුවගෙන්.

එයා ජීවිතේ පළවෙනි වතාවට ආදරේ කරපු එයාගෙ සිහින කුමාරි එයාට කැමති නෑ කිව්වා. ඇයි ඒ කියල.  ඕක කියවල මට ඇඩෙන්න වගේ.  ඒත් මක් කරන්නද... දැං මට බයයි ඊලගට අපේ අක්ක මං එහෙ මෙහෙ වෙනකං ඉදල මේව කියවයි කියල.  ඉතිං කියෙව්වට පස්සෙ මං ඒක මැකුව.  ඊට පස්සෙ හිත හදන්න පුළුවන් උත්සාහ දාලා මැසේජ් එකක් ලියල යැව්ව.  ඔන්න ටිකකින් තවත් එකක් ආව.  අර වගේම දුක පිරිච්ච එකක්.  ඒකත් බයටම කියවල මකල දැම්ම.

මං ගාව එයා මට ඉස්ඉස්සෙල්ලම එවපු හායි කොහොමද කියන පළවෙනිම යාළු මැසේජ් එකේ සිට ඒ දක්වාම එවපු සියලුම මැසේජ් ලියපු පොතක් තිබුන.  අදටත් තියනව.  කපල් සිම් ගන්නකංම එවපු සියලුම මැසේජ් ඒකෙ තිබුනට මෙන්න මේ කියන මැසේජ් දෙක විතරයි නැත්තෙ.

ඔහොම ඉතිං දුකසේ  ඇදට වෙලා ඉද්දි කවියකුත් ලිව්ව.  ඒක නං කලිං පෝස්ට් එකක දාල තියනව.  බලල නැත්තං මෙන්න

ඔය විදියට හිතේ පුදුම දුකකින් එදා දවස ගත වුනා.  අදටත් මම එදා හවස් වරුව මතක් කරද්දි හිතේ ඇදෙන්නෙ අදුරු තැඹිලි පාට පරිසරයක්.  ඊට පස්සෙ දවසමත් අර වගේ අදුරු පාටින් කිසි විශේෂයක් නැතුව ගත වුනා.
හවසට අපේ අක්ක ගෙදර ආවම අපි දෙන්නම ඕපයක් හලාගෙන ඇදට වෙලා ඉන්නව හිමීට කුටු කුටු ගගා.  ඒ වගේ වෙලාවට තමයි අපේ අම්මයි තාත්තයි කුටු කුටු ගාන රාජ්‍ය රහස් බෙදා හදා ගන්නෙ. ඔන්න එදත් අපි දෙන්න ඇදට වෙලා කුටු කුටු ගාද්දි එයා මට ලොකූ... රහසක් කිව්ව.  ඒකත් අර වගේ රාජ්‍ය රහසක්.

අපේ අම්මගෙ අක්කගෙ ඒ කියන්නෙ ලොකු අම්මගෙ ගෙවල් ලගපාත හිටිය රංගන කියල අයිය කෙනෙක්.  එහෙ අක්කත් එක්ක හරිම ෆිට්.  ඒ ෆිට් එක නිසාම අපි එහෙ ගියාම අපිත් එක්කත් මනුස්සය සෙට්.  ඔය මනුස්සය ඒ ලගපාත ගාමන්ට් එකක ග්‍රැෆික් ඩිසයිනින් කලේ.  ඒ වගේම ජාවා ඉගෙන ගන්න පන්ති ගියා ඒ දවස්වල.  මටත් පුදුමාකාර කම්පියුටර් උණක් මතක ඇති කාලෙක ඉදන් තිබුනයින් ඔය අයියත් එක්ක මාත් හොදට කතා කලා.  එහෙ ගියාම කතා කරනව ඇරෙන්න වෙන කිසි සම්බන්ධයක් අපි දෙන්න අතර නෑ.  හැබැයි ඒකා අපේ අක්කත් එක්ක නං එහෙ අක්කත් එක්ක වගේම ෆිට්.  කෝල් පවා දෙනව.

ඔන්න ඔය මෑන් ගැන අපේ අම්මට මං සම්බන්ධයෙන් විවාහ යෝජනාවක් පහල වෙලා. ඒක තමයි රහස.  අම්මයි තාත්තයි කතා වෙලා අක්කගෙනුත් අහල.  අක්කනං කියල තියනව මං නං කීයටවත් ඒකාට කැමති නොවන විත්තිය.

ඔය රහස ඇහුවම මට උපරිම කේන්තියි.  ඇයි වදේ අම්මල අකමැති වෙයි කියල අච්චර අර රත්තරං ටිකට ඉන්න කොල්ලෙකුටත් මං බෑ කිව්ව.  ඒ වුනත් කවදාවත් තුන් හිතකින්වත් නොහිතපු මේ හූනු පැටියෙක්ව මට සෙට් කරන්න යයි කියල මට හිතුනෙ නෑ.  ඇත්තටම රංගන අයියව දැක්කම මට මතක් වෙන්නෙ හූනෙක්ව.
රංගනයව මට සෙට් කරන්න අම්මට පිස්සුද අනේ.. අක්කත් එක්ක මං කිව්ව.
ඔයාගෙන ඇහුවම කැමති නෑ කියන්න.  බලෙන් බන්දන්නෙ නෑනෙ.  අහනකං දන්නෙ නැති ගානට ඉන්නව හරිද.. අක්ක කිව්වම අහපුදෙංකො මගෙනුත් කියල මං හිතා ගත්ත.

අවුලෙන් හිටපු මං මේ කතාව අහල තවත් අවුල්.  ඔය අතරෙ ඉතිං යාළුවත් දුකින් දුකින් මැසේජ් කීපයක්ම එව්ව.  මාත් රිප්ලයි යැව්ව.  එහෙමත් හරි යන්නෙ නැති පාර තමයි මං ලියල යැව්වෙ මෙහෙම ඉන්න බෑ අපි හම්බවෙලා කතා කරමු කියල.
ඒ පාර ඔන්න සිකුරාදාට යාළුව එන්නං කීව මාව හම්බෙන්න.


එදා රෑ තිස්සෙම මං කල්පනා කරා මේ ඔක්කොම ගැන.  හිතේ ඇදිල තිබුන රූපෙයි, හිත කැමතිම ගතිගුණයි තියන මාව හොදට තේරුං ගත්ත මට ආදරෙත් කරන කෙනෙක් එපා කියල අම්මල කැමති කෙනෙක් කවදහරි කසාද බැදල ඒ මනුස්සය මාව හරියට තේරුං නොගත්තොත් මොකක් වෙයිද කියල හිතුව.  මං ජීවිත කාලෙම අද දවස ගැන පසු තැවෙයි නේද කියල මට අන්තිමේට තේරුනා.

ඊට පස්සෙ තමයි මං ජීවිතේ වැදගත්ම තීරණේ අරගත්තෙ.

ඕන දෙයක් වුනාවෙ.  මං එයාට කැමති වෙනව.  එහෙම හිතල මං නිදා ගත්ත.

ඊලග දවසම ගත වුනේ ගත්ත තීරණේ ගුණ දොස් විචාරයට.  අක්කට ඇත්ත කියනවද නැද්ද කියලත් ගොඩාක් හිතුව.  හිතල හිතල තීරණය කලා නොකිය ඉන්න.  හැමදාම එයා මං හින්ද බැනුං අහනවනෙ.  ඒක නිසා එයාට නොකිය හිටියොත් එයාට කවදහරි කියන්න පුළුවං එයා දැනං හිටියෙත් නෑ කියල.  ඊට පස්සෙ දවසම ගත වුනේ මගේ කාමරේ අස් කරන්න.  ඒක සාමාන්‍ය‍යෙන් පිලිවෙලට තියෙන්නෙ ඉතාමත් සීමිත කාලයක්.  ඉතිං හෙට ඉදන් තනිකඩ ජීවිතේ ඉවර වෙද්දි කාමරෙත් පිලිවෙලක් කරගන්න එපැයි කියල හිතල මයි කාමරේ අස් කෙරුවෙ.  යාළුවටත් ඒ ගමන් මැසේජ් එකක් යැව්ව හෙට ඉදන් කාමරේ නවතින්න කෙනෙක් එන නිසා කාමරේ අස් කරනව කියල. ;)
එයා කවුද ඇහුවම හෙට කියන්නං කියලත් යැව්ව.

මොනව උනත් මේකෙන් ටිකක් හරි අක්කට නොකිය බෑ බෑ වගේ නිසා මං එදා හවස අක්ක ආවම එයත් එක්ක කිවුව යාළුවට මාව හම්බ වෙන්න ඕන කියනව කියල.  බළලා මල්ලෙන් පනින්න යන්නෙ කියල ඒ පාර අක්ක හිනා වුනා.  මාත් ආ බලමුකො කිව්ව.

ගෙදරින් එලියට පනින්න හේතුවකුත් එපායැ.  මේ පාර මං කිව්වෙ ඉස්කෝලෙට යනව කියල.  අපි වගේ දීප්තිමත් ආදි ශිෂ්‍යාවන්ට නිතර අනං මනං වලට ඉස්කෝලෙ ගුරුවරු සහ පොඩි එවුන් අඩ ගහන නිසා බොරුව මාට්ටු වෙන්නෙ නෑ.  යාළුවෙක්ගෙ ගෙදර යනව කියල අම්ම එහෙට කෝල් කලොත් බඩු බනිස්.  ඒක නිසා ඉස්කෝලෙ යනව කියන එක සෞඛ්‍යාරක්ෂිතයි.  ඉස්කෝලෙ ඩ්‍රාමා ප්‍රැක්ටිස් එකකට එන්න කිව්ව කියල ප්‍රසිද්ධියට පත් කරල එදා රෑ මං නිදා ගන්න ගියා.

වැඩිහිටියන් සහ පොඩිහිටියන්ගේ ඉල්ලීම පරිදි පෝස්ටුව දිගට ලියන ලද අතර කම්කරු ජනතාව සමාව භජනය කරත්වා!!! :D

සිඟිතිගේ ආදරේ තවත් කොටසක් සමගින් හමුවෙමු....

24 comments:

  1. දිගට ලිව්වයි කිවුවා...................කොයි බොල දිග?

    හ්ම්ම් ලියමුකො ඉස්සරහට..

    ReplyDelete
  2. හපොයි තවත් දිගට ලියන්නෙ කොහොමද...
    අනේ මන්දා මෙවුවොන්ගෙ හිත් කොහොම සතුටු කරන්ටද කියලා... හ්ම්ම්
    හිහ්.. හිහ්..

    ReplyDelete
    Replies
    1. දැං මොකෝ කියන්නේ ලොකු නෝනා... ??? :)

      Delete
  3. කම්කරු ජනතාවට කවදත් කෙනෙහිලිකම්මයි සිද්ධ වෙන්නේ...
    මං ටිපිටිප් එහෙකුත් ගෙනාවා මේ පෝස්ට් එක බලන ගමන් කන්ඩ.. සෑහෙන දිග පෝස්ටුවක් ! :)

    කෑගල්ල ටවුමේ බාලිකා පාසක් ඒ හැටි ගොඩක් නං නෑ.. දන්න විදිහට තියෙන්නේ දෙකයි. එකක් බාලිකාව... අනික කොන්වන්ට් එක... මේයැයි කොන්වන්ට් එකේ වෙන්ඩෝන. හිහ් :)




    ReplyDelete
    Replies
    1. මධුරංග බොලා ගිහිං සීඅයිඩියට බැදියං.. සොෆ්ට්වෙයා එක්ක ඔට්ටු වෙවී ඉන්නවට වඩා වැඩිපුර කීයක් හරි හොයා ගත්තෑකි... :)

      Delete
    2. ඔන්න ඊලඟ කොටස කොටට ලියනවා නේද ?

      Delete
  4. අනේ ද කියන්නේ. රෙහානි අක්කා කියනවා වගේ කොයි කොටස ද සිඟිතියෝ දිග? මට පේන්නේ එදා පොස්ටුවටත් වඩා කොට යි වගේ. කොච්චර කිව්වත් හැදෙන්නේ නෑ :(

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් හිමීට නිවී සැනසිල්ලේ මේ පෝස්ට් එක මුල ඉදන් අගටම කියවන්නකො. එතකොට මේක දිගයි කියල දැනෙයි.
      මුං එක්ක වසන්න බෑ අප්පා... දැං කාලෙ කොල්ලො කෙල්ලො අතරෙ ලියුං කරදහි හුවමාරුව නැති හිංදම හොදයි. නැත්තං මුංගෙ කොල්ලන්ට වෙන අතක් බලා ගන්න වෙනව දිග ලියුං ලියන්න බෑ කියල. ;)

      Delete
  5. ඉතිරි කොටසත් ලියන්නකෝ

    ReplyDelete
    Replies
    1. ලියන්නං ලියන්නං. කියවන්න එන්නකෝ... :)

      Delete
  6. මේකෙ ඇති දේකුත් නෑ.. ඒත් මාර ෆීලිං එකක් තියනව මට.. :D . ඊයෙ එකත් කියෙව්ව ඈ.. ෆෝන් එකෙන් ආව නිසා කමෙන්ට් නෑ ඊයෙ..

    ReplyDelete
  7. මම නම් ගිය පාර විරෝධය පල කලේ කුතුහලේ උපරිම ස්ථානයෙදි කතාව නවත්තපු එකටයි ඕන්. ඉක්මනට ඊලග කොටසත් දාන්න.

    ReplyDelete
    Replies
    1. මම නං කොටස් වශයෙන් යන කතා වල ආසම කුතුහලය උපරිම තැනදි මතු සම්බන්ධයි දාන කොට. එතකොට කතාවෙ ඉතුරු ටික හිත හිත ඉන්න පුළුවන්නෙ. හොදයි හොදයි ඊලග කොටසත් හැකි ඉක්මනින් දාන්නං.

      Delete
  8. ඔය කියන රංගන මගේ යාළුවෙක්ගේ පුතෙක්. මම කියන්නම් ඌට හූනා කිව්වා කියලා.

    ReplyDelete
  9. මේ කතා ඇතුලේ අපේ කතාත් තියෙනවා වගේ සිගිති.
    මම හරිම කැමතියි ගැණු ළමයි මෙහෙම ඒවා ලියනවාට එතකොට අපිට එයාලාගර සිතැගි තේරුම් ගන්න ඇහැකිනේ..:D

    ReplyDelete
    Replies
    1. ආදර කතාවල තියන විස්තර පොඩ්ඩ පොඩ්ඩනෙ එක එක්කෙනාට වෙනස් වෙන්නේ..
      මේව ලියන එකෙන් ගෑනු ලමයිට අසාධාරණේද මන්ද... :)

      Delete
  10. ලියන්නකො ඉතිරි ටිකත්. ඒ දවස්වල කොච්චර හිත රිදුණත් මතක් කරනකොට සොඳුරු අත්දැකීම් නේද?

    ReplyDelete
    Replies
    1. හිත රිදෙන්නේ කොහොමද දරුවෝ... මේ ආදරවන්තයාවම කසාද බැන්දහම... :)

      Delete
    2. මධු මලයා හරි.. :)

      Delete
    3. මධූ කොහොමත් හරි :)

      Delete
  11. නම සිඟිති වුනාට තිබිලා තියෙන්නේ මෙගා ආදරයක්නේ

    ReplyDelete
    Replies
    1. අද කාලේ නමේ හැටියට වැඩ කරල බෑ නෙව..

      Delete