Tuesday, February 15, 2011

මගේ පළමු ‍බ්ලොග් සටහන




සති දෙකක් තිස්සෙ බ්ලොග් එක පටන් ගන්න හදන්නෙ. අද නං මං මේක ලියල post කරනවමයි කියල හිතා ගෙනයි ඉන්නෙ. (අනේ අදවත් පුළුවන් වෙන්න...)

මං සති දෙකකට කලින් අ‍පේ සරදියෙල් මල්ලිගෙ ලොවෙත් නෑ බ්ලොග් එක කියෙව්වා. ඉතිං ඕං මටත් ආසාවක් ආවා බ්ලොග් ලියන්න.  මොකද මාත් ලියන්න කියවන්න ආස නිසා.  ගිය සති දෙක පුරාම ගෙදර ආවම කලේ බ්ලොග් කියව කියව ලියන්න ගන්න හදපු එක.  ඒත් මොන posting ද. මට අතරමගදි වැඩේ අමතකයි.  අනිත් අයගේ ලිපි කියව කියව හිනා වෙවී ඉන්න ගියාම.  අද ඒක නිසා මං කාගෙවත් බ්ලොග් එකකට නොයා මගේ වැඩේට අත ගැහුව.
 මේක ඉතිං කාටත් කරදරයක් වාතයක් නොවී හිතේ තියෙන අදහස් කියාගන්න පුළුවන් හොද මාර්ගයක් නෙ.  මං ආසම කරන මාතෘකාවක් මේ දවස්වල ම‍ගෙ හිතේ තියනව.  ඒක ගැන ඉතිං මං කථා කරන්නෙ මගෙ ආදර හබි එක්ක විතරයි (හබි කිව්වට එයා මගෙ වෙන්ඩ හබි).  මොකද මගේ වැල් වටාරං අහං ඉන්න එකම කෙනා එයානෙ.

දැං මට පුළුවන් එයා එක්ක කථා කරාට පස්සෙ මගේ හිතේ එකතු වෙච්ච ඔක්කොම විස්තර ටික තව කාට කාට හරිත් කියව ගන්න පුළුවන් වෙන්න බ්ලොග් එකේ ලියන්න. :) ජොලි...

ඔන්න ඉතිං මං ‍මගේ පළවෙනි සටහන post කරන්නයි යන්නෙ........

7 comments:

  1. සුභ පැතුම්..දිගටම ලියන්න..සුභ බ්ලොග් අනාගතයක් :)

    ReplyDelete
  2. බොහොම ස්තූතියි පන්හිද. සුභ පැතුම ගොඩක් වටිනව.

    ReplyDelete
  3. සුභ පැතුම් සහෝදරී දිගටම ලියන්න.... මේ සින්ඩිකේටර් වලට ඔබේ අඩවිය අතුලු කරන්න

    http://blogs.sinhalabloggers.com/add-blog

    http://syndi.lankeeya.lk/

    ReplyDelete
  4. අලෝ මතන්.

    බ්ලොග් අවකාශයට ආදරේන් සාදරෙන් කෑදරෙන් පිලිගන්නවා.

    දිගටම ලියන්නකෝ.

    ReplyDelete
  5. @සුර සරදියෙල්
    සුභ පැතුමට ස්තූතියි මලයා. උපදෙස්වලට බොහෝම පින්.

    @ සුදු මහත්තයා
    ස්තූතියි. මාගේ අලුත්ම අලුත් බ්ලොගයට ඔබවත් සාදරයෙන් පිලි ගන්නවා.

    ReplyDelete
  6. අම්බෝ එක හුස්මටම ඔක්කොම ලිපි ටික කියවගෙන ගියා !
    දිගටම ලියන්ඩ !

    ReplyDelete
    Replies
    1. අම්බෝ මං නොවරදවා බලන බ්ලොග් එකක මහා කතුවරයෙක් මගේ බ්ලොග් එකේ ලිපි ඔක්කොම කියවලා...... මට හරිම සතුටුයි.
      ස්තූතියි මධුරංග!

      Delete