
එදා නවත්තපු තැනින් පටන්ගමුකො.
ඊලග දවසෙ නැගිටල පිලිවෙලකට ලෑස්ති වෙලා ඔන්න මං එලියට බැස්සා. පිලිවෙලකට කිව්වට ඉතිං සුපුරුදු ඩෙනිමයි ටී ෂර්ට් එකයි තමා. බොරුවට නිකං රගපාන්නෙ මොනවට ද? අනික මාව නොදන්න කෙනෙකුත් නෙවෙයිනෙ. කතා කරගත්ත විදියට යාළුව නුවර බස් නවත්තන තැනට ඇවිත් හිටිය.
ඔන්න දැං ඊලග ප්‍රශ්නෙ. කතා කරන්න යන්නෙ කොහාටද? කලිනුත් මං කියල තියනවනෙ කෑගල්ලෙ නං එහෙම නිවී සැනසිල්ලෙ කතා කරන්න තැනක් නෑ. මං එහෙම තැනක් ගැන දැනං හිටියෙත් නෑ. ටික වෙලාවක් කල්පනා කර කර හිටපු යාළුව කිව්ව අපි නැව්ගල යං කියල. නැව්ගල කියන්නෙ කෑගල්ල පහු කරල කොලඹ පැත්තට යද්දි අතරමග හම්බවෙන පන්සලක්. ප්රධානපාරෙන් තරමක් ඇතුලට යන්න තියනව. හැබැයි මං කවදාවත් ගිහිං නෑ. කෙනාවත් විශ්වාසයි සහ තැනත් පන්සලක් නිසා මාත් හා කියල අපි දෙන්න අවිස්සාවේල්ල බස් එකක නැගල නැව්ගලට පිටත් වුනා.
බස් එකේ යන ගමන් අක්ක මට කියපු රහසත් යාළුවත් එක්ක කිවුව.
ඔහොම විස්තර කතා කර කර අපි නැව්ගලට ගියා. ප්‍රධාන පාරෙන් හැරිල නැව්ගලට යන අතුරු පාර තියෙන්නෙ රබර් වත්තක් මැදින්. පේන දුරින් ගෙවල් තියන නිසා වත්ත පාළු නෑ. පන්සලට කලිං හම්බවෙන්නෙ මෙහෙණි ආශ්‍රමය. ඊට පස්සෙ කන්දෙ පිහිටීමට හදපු පන්සල. කන්දෙ තැනින් තැන භාවනා කුටිත් තියනව. මුදුනටම වෙන්න වගේ තමයි බුදු මැදුරයි, චෛත්‍යයි, බෝධියයි තියෙන්නෙ.
අපි පන්සලට යනකොට සිල් ගන්න ඇවිත් හිටිය එකම එක සීය කෙනෙක්. උඩහට යද්දි හාමුදුරුවොත් හම්බුනා. අපි ගියාට පස්සෙ හාමුදුරුවො වහල තිබුන බුදු මැදුරත් ඇරිය. සීයත් එක්ක බුද්ධ පූජාව තියන්න හදද්දි තමයි අපිත් එතනට ගිහිං තිබුනෙ. බුද්ධ පූජාවට අපිත් සහභාගි වුනා. ඒක ඉවර වෙලා හාමුදුරුවො සීයත් එක්ක පල්ලම් බැස්ස. අපි දෙන්න බුදු මැදුර ලග නැවතුනා. බුදු මැදුරට එහා පැත්තෙ තියෙන්නෙ නා ගහක් එක්ක ගල් තලාවක්. අපි දෙන්න ඔය ගල් තලාවෙ තමයි ඉද ගත්තෙ.
නා ගහ යට ගල් තලාවෙ ඉදගෙන කතා කරද්දි ඔන්න මං මගේ කැමැත්තත් දුන්න. ඒ ගැන නං කියන්නෙ ඔච්චරම තමයි.
ඊට පස්සෙ තවත් ටික වෙලාවක් එතන ඉදගෙන කතා කර කර ඉද්දි හාමුදුරුවො ආවාස ගෙට වැඩිය. ඒගමන් මෙන්න මේ දෙන්නටත් දානෙන් ටිකක් කියල පුංචි කවරයක් දුන්න. කෙසෙල් ගෙඩියි, බිස්කටුයි, කැවුම් වගේකුයි තමා තිබුනෙ. හාමුදුරුවන්ටත් ස්තූති කරල ගල් තලාවෙම ඉදගෙන දානෙත් කාල ටික වෙලාවකින් බොහොම සතුටින් අපි පන්සලෙන් පිටත් වුනා.
ඔන්න ඔය විදියට තමයි සිගිතිගෙ ආදරේ 2007 මාර්තු මාසෙන් පටන් ගත්තෙ.
ගෙවල් වලින් දැනගන්නකං අපි දෙන්නට තිබුනෙ එසේ මෙසේ පන්ති තොගයක් නෙමේ. මං ගියපු කම්පියුටර් පන්තිය දවස් පහේම තියන්න පටන් ගත්තනෙ. ඒ දවස්වල වෙන්ඩ හබි වෙච්ච මගේ මහත්තයටත් ජිම් එකේ වැඩ කටයුතු බහුල වෙලා ඉතුරු දවස් ටිකේම පන්ති වැටුන. පේරාදෙණි පැත්තෙයි කුරුණෑගල පැත්තෙයි වැටිච්ච ඔය පන්ති තොගේ අන්තිමේට එකපාරටම අපි දෙන්න ලංකාවෙ බොහොම දුර බැහැර තැන් දෙකකට අධ්‍යාපන කටයුතු සදහා පිටත් වීමෙන් දුකින් වුනත් නවත්තල දාන්න වුනා.
ඊලග කොටසත් සමග ආයෙත් හමුවෙමු.
අනෙ හප්පේ මටත් මතක් උනා මගේ ප්‍රියම්භිකාව එක්ක මුලින්ම නිදහසේ කතා කරපු දවස. ඒ කැළණි පංසලේදි. ඇත්තටම ඉස්සර පංසලකට ගිහින් මලක් පූජා කරලා අපිව එකතු කරන්න කියලා කී පාරක් අපි ප්‍රාර්ථනා කරන්න ඇත්ද?.
ReplyDeleteසිඟිති ආයෙත් පෝස්ට් එක පොඩි කිරීම තරයේ හෙලා දකිනවා. ඉක්මනට ඊලග කොටසත් දාන්න.
ඒ කාලෙ සුන්දර මතකෙට ආපහු ගෙනියන්න ලැබිච්ච එක සතුටක්. ඉවසල ඉන්න ඉතුරු ටිකත් ලියන්නං.. :)
DeleteWish U All The best Dr , Please Quickly Next Post Kindly
Delete//ගෙවල් වලින් දැනගන්නකං අපි දෙන්නට තිබුනෙ එසේ මෙසේ පන්ති තොගයක් නෙමේ. // සුන්දර මතකයන් නේද සිඟිති?
ReplyDeleteහප්පේ ඒක නං කියල වැඩක් නෑ දිලිනියො. පොඩි එකා ඉපදුනාම මේවා නොපෙන්න තියන්න ඕන. නැත්තං මොනව වුනත් දෙන්නගෙම ජාන එකතු වෙලා තව මේවත් කියෙව්වම අපිට ඒකගෙ නැට්ටවත් අල්ලගන්න බැරි වෙයි. හිහ් හිහ්.. :)
Deleteඅනේ අම්මපා! දවස් හයක් අරගෙනත් මෙච්චර ද ලිව්වෙ? මරාගෙන මැරෙන්න හිතෙන්නේ මේ වෙලාවටනේ අෆ්ෆා :( මේ කරපු අපරාදෙට අනුරාධ ව ආයෙත් නයෝමි ළඟට ම යවන්න හිතෙනවා මට!
ReplyDeleteදවස් හයක් අරන් ලිව්ව නෙමේ. මහත්තැන් ගෙදර නැති වුනාම මට ඩොන්ගල් එකක් නෑ නෙව. ඉතිං පෝස්ට් කරන්න විදියකුත් නැතුවයි හිටියෙ. ඔන්න ධාරා කියපු වැඩේ දෙයියන්ගෙ ලෙඩේදි කරල තිබුනොත් මං තරහම තරහයි ඈ...
Deleteමේ ප්‍රමාණය හොන්දොටෝම මදි සිඟිති ... :(
ReplyDeleteඔයා ලියන්නේ online ඉඳගෙනද ........?
තව ටිකක් දිගට ඊලග පාර ලියන්නම්කො එහෙනං..
Deleteමේ සිගිතිගේ වෙන්න හබි යෝධයෙක් වගේ ඇති නේද ඔහොම ජිම් ගිහිල්ලාම...:D
ReplyDeleteඑයා එච්චර ජිම් ගිහිං යෝධයෙක් වගේ උනාලු. මං හැමදාම පන්ති ගිහිං කොම්පීතර මහාචාර්ය කෙනෙක් වගේ උනාලු. හිහ් හිහ්.. :)
Deleteපන්සලෙන් පටන්ගත්ත ආදර කතාව නේද,ලියන ටික නං බොහොම මදි
ReplyDeleteහ්ම්ම්.. දිගට ලියන්න වෙයි වගේ..
Deleteපන්සලෙන් පටන්ගෙන, ක්ලාස් කියල ගෙදරට බොරු කිව්වම පව් සිද්ද වෙනවලු. ඒකට දඬුවම විඳියට තමයි ඉක්මනටම බන්දල දාන්න ඇත්තෙ හික්ස්
ReplyDeleteඉක්මනට..? අවුරුදු 6ක් කියන්නෙ ඉක්මනක්ද බොලං?
Deleteසිඟිතිගේ හබියා ජිම් ගිහිල්ලම ඇඟ නිකං ආනොල්ඩ් වගේ වෙලා තියෙන්න ඇති. ඔය කාලෙට තියෙන පන්ති කියන්නේ බං ,මමත් මැහුම් ක්ලාස් පවා ගියා ,ඉගෙන ගන්න ආසම කාලෙනේ ඉතිං
ReplyDeleteමැහුම් ක්ලාස්..? ගෙදරින් ඒක විස්වාස කලාද ඉවාන්? හිහ් හිහ්.. කොහොමද කොල්ලෙක් මැහුම් ක්ලාස් යනකොට... මැහුම් ක්ලාස් කිය කිය හැමදාම ගෙදරින් පනිද්දි අම්මට තාත්තට නං තේරෙන්න ඇති කොල්ල හොද මැහුමකට අත ගහල කියල.. :)
ReplyDeleteමේ පැත්තට අළුතින් සෙට් වුන හන්දා කතාව පරණ ඒවා නිදහසේ බලලා එන්නම්..
ReplyDeleteසාදරයෙන් පිලිගන්නවා.. හෙමින් සීරුවෙ නිවාඩු පාඩුවෙ කියවල බලලම අදහසක් ලියන්නකො..
Deleteනැව්ගලත් නැග්ගා එහෙනං... කෑගල්ලේ යනවා නං වට්ටාරමේ යන්ඩ තිබ්බා නේ.. එහෙම නැත්තං පින්නවල... මා ඔය ගාවට ගිහින් ගල් තලාවේ වාඩි වෙලා කතා කරන්න බැරුව යෑ... :)
ReplyDeleteසිඟිති කියන්නේ කට්ට කෙල්ලෙක් !
හොඳ වෙලාවට අම්මා පොත් චෙක් කරන්නේ නැත්තේ.. එහෙම කලා නං මාට්ටු !
මේ ගාන ශේප්.. පොඩිවට ලියන්න.. කියවන්නත් ලේසියි නේ.. ඊලඟ කොටසින් ඉවර වේද හලෝ ?
මධු මලයා දන්න දේවල් බොලේ... කොහොමද මධුවො ඔය හැි කෑගල්ල අවට ගැන දන්නෙ... ඔය කියනකංම ඒ තැන් දෙක ගැන මතක් වුනේ නෑ.
Deleteඅම්ම පොත් චෙක් කලා නං උත්තරේ.. අද ප්‍රෝග්‍රෑම් වගයක් ලිව්ව කියනවනෙ හලෝ... අපෝ...ඒකවත් තේරෙන්නෙ නෑනෙ. ;)
අවසානයක් තියන කතාවක් නෙවෙයිනෙ හලෝ මේක. මං පටන්ගන්නකොටම කිව්වෙ 2007 ඉදන් තාමත් ගලාගෙන යන ආදර කතාවක්ය කියල..
//අද ප්‍රෝග්‍රෑම් වගයක් ලිව්ව කියනවනෙ හලෝ... අපෝ...ඒකවත් තේරෙන්නෙ නෑනෙ
Deleteහිත ඇත්නම් පත කුඩාද.. මේ වගේ කෙල්ලෝ අදහන්ඩ ඕන බං... උබ හරි වාසනාවන්ත කෙල්ලෙක් අක්කේ !
කෑගල්ලේ අයට නැව්ගල තමා ගොඩක් ප්‍රසිද්ධ නෙහ්.. නැව්ගල ආරණ්‍ය සේනාසනය කිව්වහම නොදන්න එකෙක් නෑ...
:)
Deleteමොකෝ සද්දේ වහලා ඉන්නේ ???
Deleteසිත ගොළු වෙනවා.. අත වෙව්ලනවා... හදවත ගැස්සෙනවා... !!! හිහ් :)
මම මේ බැලුවේ මේ උදවිය කොච්චර හොඳද කියලා.....මම මගේ පළවෙනි අවුටින්ග් එක ෆිල්ම් එකක් බලන්න. අපි එකට වැඩකරපු නිසා දන්න හඳුනන නිසා වෙන්නැති ඒ. ෆිල්ම් එක දඩයම...කතාව මතක නැහැ එලියට එනකොට. වෙන දවසක තනියම ගිහින් බැලුවා.....සිඟිතිලා හොඳ ළමයි!!!
ReplyDeleteඒක තමයි අරූට විතරයි තේරුනේ.. අපි හොද ළමයිනෙ... :)
Deleteඅපෝ...Aru...ඔයා නම් බොහොම නරකයි...අප්පා...
Deleteඅනේ මන්දා සිඟිතියෝ..බලාගෙන ගියාම ඔක්කොගෙම තියෙන්නේ මේ වගේ කිල්ලෝට ටිකක් තමයි..දැන් මටත් වෙලා තියෙන්නේ..ළමයින්ගෙන් ඕවා හන්ගන් ඉන්නේ කොහොමද කියන එක තමයි...
ReplyDeleteආවා ආවා :) පරක්කු වෙල හරි ආවා
ReplyDelete