Saturday, September 14, 2013

බොහෝ කලකට පසු....

බොහොම බොහෝම කාලයකට පස්සෙ ඔන්න ආයෙත් මට මගේ පුංචි බ්ලොග් එක මතක් වුනා.  ජීවිතේ අතිසුන්දර වෙලා වගේම කාර්යබහුලත් වෙලා නිසා මේ පැත්තෙ එන්න මට අමතකම වෙලයි තිබුනෙ.  ඒ වුනත් හදිසියෙම හිතුන මගේ පුංචි බ්ලොග් අඩවිය පැත්තෙත් ඇවිත් බැලුවොත් හොදයි කියල.

ගෙවී ගිය කාලය ගැන පුංචි සාරාංශයක් තියලම ආයෙත් වැඩ පටන් ගත්තොත් හොදයි කියල හිතුන.

පසුගිය කාලෙ කොච්චර නම් දේවල් වුනාද... හ්ම්ම්...
ඉස්සෙල්ලම, මාස 70ක ‍ආදර කථාවේ අතිසුන්දර ජයග්‍රහණය සනිටුහන් කරමින් අපි දෙන්නා ගීතිකා සහ ජය මංගල ගාථා මැද යුග දිවියට එළඹුනා.  ජීවිතේ ලොකුම ලොකුම හීනය සැබෑ වුනා....

ඒ හීනෙට පස්සෙ හිතට එකතු වුනු අලුත් හීනෙත් ලගදීම සැබෑ වෙලා අපේ පුංචි කැදැල්ලට පුංචි අමුත්තෙකුත් එකතු වෙනවා......  ඉතින් ජීවිතේ කොච්චර නම් වෙනස් වෙලාද....
විවාහ උත්සවය හා බැදුනු සිදුවීම් නම් මේ ලිපියට එකතු කලොත් මේක නවකතාවක් වෙයි.  ඒක නිසා ඒ ටික වෙනම ලියන්නම්.

ඒ අතරෙ වෘත්තීය ජීවිතෙත් ටිකක් විතර වෙනස්වීමකට ලක් වුනා.  ස්ථාන මාරුවක් ලබල නිවසට ආසන්න ශාඛාවකට සේවය කරන්න යන්න ලැබුන.  හැබැයි ඒක නම් හිතට ටිකක් දුකක්.  නිවසට ආසන්න ස්ථානයක් නිසා නෙමේ, එකට එකතු වෙලා පවුලක් වගේ හිටපු සුන්දර සේවා ස්ථානයක් හැර යාමට සිදුවීම.  හැබැයි එදා වගේම ඒ පවුලෙ සහෝදර සහෝදරියො තාමත් මාත් එක්ක එකතු වෙලා ඉන්න එක නම් ගොඩක් වටින දෙයක්.

ආයෙත් බ්ලොග් එක පැත්තෙ ආව එක හොදම හොද දෙයක් කියල ආයෙමත් හිතුන නිසා හෙට අනිද්දම තවත් ලිපියකින් හමුවෙමු.

1 comment:

  1. මාත් කාලයක් බ්ලොග් එක නවත්තලා අයෙම පටං ගත්තා !

    ReplyDelete