Thursday, November 21, 2013

සිඟිතිගේ ආදරේ

ඔන්න අද මම ලියන්න යන්නෙ දැනට අවුරුදු 6ක් විතර පරණ කතාවක්.  එදා පටන් ගත්ත ඒ කතාව තාමත් ගලාගෙන ගලාගෙන යන එකක්.  මෙන්න මේකයි වුනේ..

ඒ 2007 අවුරුද්ද. දෙවනි පාරටත් ඒ ලෙවල් ලියල, ප්‍රතිඵලත් ඇවිල්ල අර විස්සවිද්යාලෙ යන්න අයදුම්පත්‍රත් දාල ගෙදරට වෙලා බලන් ඉන්න කාලෙ.  එහෙම ඉන්න කාලෙ දවසක ඔන්න ලියුමක් ආව මාව අයදුම්පත්‍ර දාපු විස්ස විද්යාලෙකට තෝරගෙන කියල.  හා... ඉතින් කොච්චර සතුටුද කියන්නකො.  දැන් ඉතිං මේ සුභ ආරංචිය කාටහරි ලගම ලගම කෙනෙකුට කියන්නත් එපෑ. මතක් වුනේ මගේ හොදම හොදම යාලුවාව.  ඔව් ඔව්. යෙහෙලියක් නෙමේ,  යාළුවා.  ඒත් ඉතිං දවල් ජාමෙට මේ මනුස්සය ගෙදර නෑ.  ඒ දවස්වල එයාට (අදටත්) ෆිට්නස් හදාගන්න මාරම ආසාවක් තිබුන.  ඉතින් සතියට දවසක් ඇර දවසක් දුවනව ජිම් එකකට.  ඒ කාලෙ අද වගේ හැමෝටම ජංගම දුක තිබුනෙත් නෑ.  මං ගාව තිබුන අපේ අක්කගෙ පරණ ජංගම දුක.  හා හා පුරා කියල ගැහුව ආරංචිය කියල කෙටි පණිවිඩයක් එයාගෙ ගෙදර තිබුන දුරකථනයට.  ගෙදර ආවම දකීවිනෙ.

හවස් වුනා.  ඔන්න මගේ යාළුවා ගෙදර ආපු වෙලාවෙ කෙටි පණිවිඩය දැකල උත්තරයක් එව්වා.  මට සුභ පතල, කවදද විස්සවිද්යාලෙ පටන් ගන්නෙ කියල අහල තිබුන ඒකෙ අගට තිබුනෙ යන්න කලිං මාව හම්බ වෙන්න ඕන කියන්න දෙයක් තියනව කියල.  අන්තිම වාක්‍ය කියවද්දි ඔන්න මං වැට දිගේ ගියා.  යාළුවට මොනා හරි හිතිල තියනව කියල මට නිකං ඉවෙන් වගේ දැනුන.  ඒක ඉතිං සාමාන්‍ය දැනීම තියන ගෑනු ලමයෙකුට තේරෙන්න එපායැ නේද?

කෙටි පණිවිඩ හරහාම හම්බ වෙන්න එන දිනයක් සහ වේලාවක් ගැනත් අපි කතා වුනා.  හරි දැං තියෙන්නෙ යන්න.  ඒත් ඉතිං ගෙදරින් එලියට බහිද්දි කොහෙද යන්නෙ කින්ද මන්ද කියල කියන්න එපෑ.  වෙලාව කියන්නෙ ඒ දවසෙම මගේ හොදම යෙහෙලියගෙ කම්පියුටරේ ලෙඩක්ය කියල උපදෙසක් එයා මගෙන් පැතුව.  හරි ගෙදරින් එලියට යන හේතුවත් හරි.  හැබැයි අවුල කියන්නෙ යාළුවව හම්බ වෙන්න මට එලියට බහින්න වෙන්නෙ මහ දවල් 12ට.  මොකද එයාගෙ ජිම් එකේ කටයුතු ඉවර වෙලා එන්නං කියල තමා එයා මට කීවෙ.

එදා උදේම අක්කයි අම්මයි මොකක්දෝ වැඩකට නුවර ගියා.  තාත්තයි මායි විතරයි ගෙදර.  ඒක තවත් හොදයි.  මොකද ගෙදරින් එලියට බහිද්දි ඕනවට වඩා විස්තර ගොඩක් තාත්තට කියන්න ඕන නෑ.  තාත්ත අහන්නෙ ඕනම ටික විතරයි.  හේතුව දැන ගත්තෙ පස්සෙ.  ඒක වෙනම කියන්නංකො.  ඔන්න මං යන දිහාව කියල, නිකං කතාවෙන් කතාවෙන් වගේ යන හේතුවත් තාත්තට කියල පාරට බැස්ස.

කියපු විදියටම යාළුව ඉන්නව හන්දියෙ.  ඒ කාලෙ වැඩිය කුඩ ඉහලං යන්න පුරුදු නැති වුනත් අව්ව සැර වැඩිකමටම මං කුඩේ ඉහලං හිටියෙ.  එහා පැත්තෙන් යන මනුස්සය අව්වෙ කර වෙවී යද්දි මට සැපට කුඩේ යටින් යන්න පුළුවනෑ.  එයාටත් එක්ක කුඩේ ඉහලන්නත් බෑ මොකද එයා මට වඩා අඩියක්ම උසයි. මං ඉතිං එයාට කුඩේ දීල කිව්ව මටත් එක්ක ඉහලන්න කියල.  මුලදි ඕන නෑ කියල පස්සෙ එයත් කුඩේ මටත් එක්කම ඉහලගෙන අපි දැං ටවුන් එකේ පහලට යනව.  ටික දුරක් යද්දි ඔන්න යාළුවට පෙනුන අපේ අම්මයි අක්කයි ඉස්සරහට එනව.  ඔන්න එයා කලබල වුනා.

මං පාරෙන් එහා පැත්තට පනින්නද? අම්මලව පෙන්නන ගමං එයා අහනව.
ඕන නෑ.  හොර ගමනක් යනවයෑ.  මං කිව්ව.
හා..

තව අඩි දෙක තුනක් ඉස්සරහට යද්දි අම්මල අපිව දැක්ක.  ඔන්න අපේ අම්ම ඒ වෙලාවෙ මූණ පුම්බ ගත්තෙ හරියට මං පැනල යද්දි අතට අහු වුනා වගේ.  අක්ක නං හිනා වේ ගෙන ආව.
කොහෙද යන්නෙ. අක්ක ඇහුව.
කම්පියුටරේ මොකක්ද වෙලා කියල හර්ෂණී කිව්ව.  එහෙ යනව ඒක බලන්න.  අම්මටත් එක්කම අක්කට මං උත්තර දුන්න.
ඉක්මණට එනව එහෙනං. එහෙම කියපු අක්ක යාළුව දිහා බලල හිනා වෙලා යන්නං මල්ලි කියාගෙන අම්මත් එක්ක ගියා.

කියපු කතාව ඇත්ත කියල පේන්න නං මං තව ටිකක් ඉස්සරහට ගියාම තියන කහ ඉරෙන් පාර පනින්න ඕන.  ඒක නිසා මං යාළුවට කිව්ව මං කහඉරෙන් පාර පැනල ඉස්සරහට ගිහින් ඊලග කහ ඉරෙන් ආපහු මාරු වෙනකං එයාට ඉස්සරහට යන්න කියල.  එයත් හා කියල ඉස්සරහට ගියා.  ඔහොම ගිහිං පාර ආපහු මාරු වෙලා අපි දෙන්න ගියා කෑම කඩේකට.  කෑගල්ලෙ නිදහසේ ඉදගෙන ගෑනු ලමයෙකුටයි පිරිමි ලමයෙකුටයි කතා කරන්න කියල තැනක් නෑ.  (ඒක නං හරිම අඩුවක්)  ඒකයි අපි දෙන්න කෑම කඩේකට ගියෙ.  කෑමත් ගෙන්නව ගෙන දැං අපි දෙන්න ඉදගෙන ඉන්නව.  ඔන්න අපේ අක්ක මට අනතුරු ඇගවීම් සංඥාවක් එව්ව ගියපු තැනකින් ඉක්මණට ගෙදර එනව කියල.  හරි දැං ඔක්කොම දාල පලකො ගෙදර.  ඔන්න මං යාළුවටත් කිව්ව පණිවිඩේ ගැන.
එහෙමනං අපි යං නේද?  එයා කිව්ව.
මං කවදාවත් හර්ෂණීලගේ ගෙදර ගිහිං ටුක් ගාල ආපහු යන කෙනෙක් නෙවී.  ඉතිං එහෙව් එකේ අද කලිං ගියොත් හොරයක් කියල ෂුවර්.  ඒක නිසා මං කිව්ව නෑ තව ටිකක් ඉදල යං කියල.
යාළුවත් කෑම කනව නෙවේ අතගානව.  මටත් කා ගන්න බෑ.  කියනවයි කියපු එක කියන්නෙත් නෑ.
අපි එහෙනං යමු.  එයා කියපුවම මං හා කිව්ව.
දැං ආපහු ඔන්න අපි එනව.  තාමත් අර කියනව කියපු එක කියන්නෙ නෑ.  මෙච්චර ගිනි මද්දහනෙ මං ආවටත් පාඩුයිනෙ.  ඒ පාර මං ඇහුව අර කියන්න තියනව කිව්වෙ මොකක්ද කියල.
ඒක පස්සෙ දවසක කියන්නං.  ඒ පාර එයා කිව්ව.
ඇයි පස්සෙ දවසක? මං ඇහුව.
නෑ නිකං....
මේක ඇහුවම ඔයා මාත් එක්ක තරහ වෙන්නෙ නෑ නේද?  ටික වෙලාවකින් එයා ආයෙ මගෙන් ඇහුව.
නෑ මොකක්ද?
චුට්ට වෙලාවක් නිශ්ශබ්දව හිටපු මගේ යාළුව එක පාරටම මං ඔයාට කැමතියි. ඔයා මොකද කියන්නෙ කියල ඇහුව.

මතු සම්බන්ධයි....
ආ ඒ ඉස්සර කතා ඉවර වෙලා දාන කෑල්ලනෙ..
ඒක නිසා දැං විදියට දැම්මොත්,

සිගිතිගේ ආදරේ රස විදින්න හෙටත් මේ පැත්තේ ඇවිත් යන්න...
(හෙට කිව්වට ඉතුරු ටික ලිව්වම හොදේ...)

18 comments:

  1. අපේ අම්මත් කෑගල්ලේ කෙනෙක් ( අම්මගේ අම්මා කෑගල්ලේ ..තාත්තා බදුල්ලේ ).. කෑගල්ලට මට වැඩිය යන්න ලැබිලා නැහැ.. හැබැයි ඔයා කියන කතාව ඇත්ත..මනුස්සයෙක්ට නිදහසේ හම්බෙලා කතා කරන්න තැනක් නැහැ..නුවර පාර අයිනේ තියෙන කඩයක් ඇතුළට ගිහින් කතා කරනවා මිසක්..

    ඔයාගේ අක්කගේ හැසිරීම ඉතාම අගය කල යුතුයි... ඔහොම අක්කලා ඉන්නවා නම් බැරියෑ ... දිගටම ලියන්න ආසාවෙන් බැලුවා සිඟිති .......

    ReplyDelete
    Replies
    1. අපේ අක්ක නං රටක් වටින අක්කෙක් තමයි. එයාගෙ වැඩ ගැන තව ගොඩක් විස්තර ඉදිරියේදී බලාපොරොත්තු වන්න.

      බලනකොට සහනුත් අපේ පැත්තෙනෙ.

      Delete
  2. කතාව ආසාවෙන් කියෙවුවා. ඉක්මනටම ඉතුරු කොටසත් ලියන්න.
    මට නම් පේන්නෙ සිගිතිගෙ හිතෙත් යහළුවා ගැන කලින්ම අදහසක් තිබිලා තියෙනවා. මං හරිද?

    ReplyDelete
    Replies
    1. හරි හරි ඉතිං. පස්සෙ අහනකොට තමයි දැන ගත්තෙ දෙන්නටම හිතට අදහස ඇවිත් තියෙන්නෙ එකටම තමයි කියලා.. :)

      Delete
  3. හෆොයි! මම ආස ම නැති වචනයක් කතාවේ අග්ගිස්සට දාලා නොවැ. හෙට (මම කිව්වේ ඊළඟ කොටස දාන දවසට) ඕවා ඔට්ටු නෑ.

    ReplyDelete
    Replies
    1. තරහ වෙන්න එපා ඉතිං. ඉක්මණටම ලියන්නං. මෙතනින් නැවැත්තුවෙ පෝස්ට් එක මාගලක් වෙලා කියවන්න එපා වුනොත් කියල.

      Delete
  4. හෑ.... ඔයා ඒ ලෙවල් කලේ 2006 අවුරුද්දෙද ? ඌප්ස්.. ඒ කියන්නේ 87 උපන්න කෙල්ලෙක්... :)

    ReplyDelete
    Replies
    1. මමත් අනිවාර්යෙන්ම එනවා සිඟිතිගේ සිඟිති ආදර කතාව බලන්ඩ.. ඉක්මනින්ම ලියමු ඈ. :)

      Delete
    2. නෑනෙ බොලං මධුරංග..
      //දෙවනි පාරටත් ඒ ලෙවල් ලියල, ප්‍රතිඵලත් ඇවිල්ල අර විස්සවිද්යාලෙ යන්න අයදුම්පත්‍රත් දාල ගෙදරට වෙලා බලන් ඉන්න කාලෙ//
      එහෙම කිව්වම 2007 වෙද්දි මං දෙවනි පාරටත් ඒ ලෙවල් ලියල ප්‍රතිඵලත් ඇවිත්නෙ.
      මං 86 උපන්න කෙල්ලෙක්.. :) මේ වාක්‍යයේ සංශෝධනය ලගදීම පෝස්ට් එකකින්ම දාන්න පුළුවන් ඕං..

      Delete
    3. අපට වඩා ජූනියර් කෙල්ලෙක් එහෙනං...
      පේරාදෙණි හිටියා නං රැග් කොරන්ඩවත් තිබ්බා... :)

      Delete
    4. අඩේ... මං හිතං හිටියෙ මධුරංග මට මල්ලි වෙන්නෙ කියලා... :0

      Delete
  5. මම නං ඔයාගෙ ලොකුම ලොකු වැඩිහිටියෙක්.ඇවිල්ල කතාව බැලුව හොඳට ලියල තියෙන බව කියන්නයි කමෙන්ට් කලේ නැත්නං ආපු බව දන්නෙ නෑනෙ,
    ඉතිරියත් ඉක්මනට ලියන්න.

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි හැලප මාමට මේ පැත්තෙ ඇවිත් කමෙන්ට් එකක් කොටල ගියාට. බ්ලොග් ලෝකෙ ප්‍රවීණයො මගේ පුංචි බ්ලොගේ කියවනව දැක්කමත් සතුටුයිනෙ...

      Delete
  6. බොහොම හොඳයි දිගටම ලියන්න......මම බැන්දේ 87....ඕන් බලන්න සිඟිති 89 දුව හම්බවුනා....අනේ අම්මපා කිව්වාලු.

    ReplyDelete
    Replies
    1. හප්පොච්චියේ.... මං හිතං හිටියෙ අරූ කියන්නෙ අපිට වඩා උපරිම අවු.10ක් විතර වැඩිමල් කෙනෙක් වෙන්න ඇති කියල. බලපුවාම අරූ මාමා කියලනෙ කියන්න වෙන්නෙ..
      කමෙන්ට් දාන්නෙ නං කොල්ල වගේ ආ... ;)
      හැබැයි ඉතිං අරූ මාමාට වඩා මං නං දියුණුයි. විස්තරය ලගදීම බලාපොරොත්තු වන්න...

      Delete
  7. හෙන කුතුහලෙන් ඉන්නෙ ඈ :D ආදරෙයි කියල තිබ්බොත් නං හම ගහනව :D (එ කිව්වෙ බලාපොරොත්තු නොවන අවසනයක් දේවි කියල හිතනව)

    මේ සිඟිති නගිද එෆ් බී එකේ හිටපු.. නැත්නං වෙන සිඟිතියෙක්ද ?



    ReplyDelete
    Replies
    1. අවසානය කෙසේ වෙතත් ඉතිරි කොටස් කියවල බලන්නකො බලාපොරොත්තු වුන එකක් ද නොවුන එකක් ද කියල..

      එෆ් බී නං කලිං හිටිය. හැබැයි උප්පැන්නෙ තිබුන නමෙන්. සිඟිති කියල නෙමේ.

      Delete
  8. වැඩ නම් සිඟිති නෑ වගේ :D

    ReplyDelete