එතකොට අපි හිටියෙ 11 වසරෙ. අපි යාළුවො සෙට් එක 5 දෙනෙක්. මේ සිද්ධිය වුනේ අපේ සෙට් එකේ එකෙකුට අපේ වයසෙම තව ළමයෙක් හදපු පදයක් නිසා. දන්නවනෙ ඉතිං ගෑනු ලමයි වුනාම ගුටිබැට නෑ ඇනුංපද විතරයි කියල (බොහෝ විට).
අපේ සෙට් එකේ හිටපු උස මහතම කෙනා තමයි වත්සලා. ආදරේට වස්සා තමයි. එයා ඉස්කෝලෙ ආවෙ තරමක් දුර ඉදන් වෑන් එකක. ඔය වෑන්වල එන ලමයිට පයින් යන අපිට වගේ නෙමේ, ඉස්කෝලෙ ඇරිල ගෙදර යනකං වෙනමම ලෝකයක් තියනවනෙ. ඔය අතරට පිරිමි ලමයි, අනිත් ඉස්කෝල වල ලමයි සහ අනිත් වෑන්වල ලමයි සම්බන්ධ ඕපාදූප බොහොමයක් එයාල දන්නව, කතා වෙනව සහ කතා හදනව.
දවසක් උදේ වස්සා ඉස්කෝලෙට ඇවිත් අපිත් එක්ක කියනව වෙන වෑන් එකක අපේ ඉස්කෝලෙට එන ලමයෙක් කියලලු වස්සා එයා එන වෑන් එකේ ඩ්‍රයිවර් අයියත් එක්ක යාළුයි කියල.. හා..... එහෙමත් අපේ එකෙකුට කතාවක් හදන්න ඉඩ තියන්න පුළුවන් ද අපිට. අපේ හිත් වලට ආවෙ පුදුමාකාර මිත්‍ර ප්‍රේමයක් එක්ක අර කතාව හදපු එකාව කෝටු මස් කරන්න තරහක්..
යං ඕකිට දෙකක් කියන්න... අපි කතා වුනා විතරක් නෙවේ සෙට් එකම පාරට බැස්ස. ඒ ලමයත් අපේ වයසෙමයි. හැබැයි එයාගෙ පන්තිය තිබුනෙ අපේ පන්තිවලට ටිකක් දුර. දැං ඒ පන්තියට යන ගමං අපි කතාව..
ඕකිට දෙකක් කියල බෑ. හොම්බට දෙකක් ඇනලම එමු ආයෙ ඔය වගේ කතා නොකියන්න...
ඔව් ඔව්. හොද පාඩමක් උගන්නමු.
මේ වගේ අදහස් ප්‍රකාශ කර කර අපි සෙට් එක ගියා ඒ පන්තියට. අපි යනකොට අර ලමය ඉන්නව පන්තියෙ ඉදගෙන. ලගට අඩගැහුවෙ ඇගිල්ලෙන්. ඒ පාර අර ලමයත් නැගිටල එනව නිකං මොකාද එකා වගේ. ඇයි ඉතිං පන්තියෙ හිටියට අපි පස් දෙනෙක්ම ඇවිත් ඉන්නවනෙ. අනික තමුන් කියපු කතාවත් එයා දන්නවනෙ. ඔන්න චූදිතය අපි ලග හිටගෙන ඉන්නව.
‘ඇත්තද වත්සලාට මේ එක එක පද හදනව කියන්නෙ?‘ අපෙන් ප්‍රශ්නයක්.
‘ආ.. මොකක්ද? මං දන්නෑ‘ අර ලමය කියනව.
‘දන්නෑ... දන්නෑ කියන්නෙ කොහොමද? වත්සලා එක එකා එක්ක යාළුයි කියල මේ හැමතැනම කියන්නෙ...‘
‘මේ.. මේ... පොඩ්ඩක් හිටපංකො මචං. මං කතා කරන්නං.‘ ඒ පාර වත්සලා මැද්දට පැනල කියනව.
හරි. දැං වත්සලාම මුණට අහද්දි මේකිට කට උත්තර නැති වෙනවනෙ. අපි වත්සලාට ඉඩ දුන්න.
‘එන්නකො‘ වත්සලා අර ලමයව අඩ ගහගෙන අපි හිටපු පැත්තෙන් පන්තියෙ අනිත් පැත්තෙ තිබුන දොරක් එහා පැත්තට ගියා.
දැං අපිට කර ගන්න දෙයක් නෑ. අපි ආවෙ ගහගන්න. දැං මේං කතාව අහගත්ත එකාම අර ලමයත් එක්ක සාම සාකච්ඡා දාන්න හදනව. අපිත් ඉවසගෙන හිටිය. මෙන්න ටිකකින් වත්සලා එනව අර ලමයගෙ අතිනුත් අල්ලගෙන. අපිට මරු කේන්තියි.
‘හරි හරි. අපි යමු‘ අපි ගාවට ආව වත්සලා කිව්වා. වරකො යන්න කියලා හිතින් හිතාගෙන අපිත් ආව.
මග දිගට එනකන් හැම එකාම වත්සලාට දෙහි කපනව.
‘ඈ මෝඩයො, අර මොකක්ද කරපු වැඩේ. ගහගන්න කේන්තියෙන් ගිහින් අරකිගෙ අතිනුත් අල්ලන් ආපහු ආවෙ.‘
‘චික් විතරක් ආයෙ නං කතා කරන්න එපා ඕවට. මහ ලොකුවට ගියා දෙකක් කියල එන්න කියල. අන්තිමේට මේකිම සාම සාකච්ඡා දානවා‘
අපි හැමෝම බැන බැන ආපහු ආවා.
එදා ඉදන් ඕනෑම වලියක් සෙට් වෙච්ච වෙලාවට අපි වත්සලාට මේ සිද්ධිය මතක් කර කර නෝන්ඩි කරන්න නං අමතක කලේ නෑ.
වත්සලත් හටියට නෝර්වෙ රාජ්ජෙ වගේනේ. හි..හි..
ReplyDeleteනෝර්වේ පරාදයි..
Deleteහයියෝ.. වත්සලා ඒ ලමයට පවන් සලා නේ..:)
ReplyDeleteමේගොල්ලො නම් රණ්ඩු කෙකි.. අර ලමය අහිංසකයි..
අපෝ අපි විතරනෙ රණ්ඩු කෙකි. දැං ඔය පිරිමි ලමයින්ගෙ වලි ගැන ලියන්න ගියොත් බ්ලොග් පිරෙයි ඒවයින්ම. :)
Deleteඅයියෝ සල්ලි වත්සලා.... ඇත්තට වත්සලා වෑන් අංකල් එක්ක යාළුද දන්නෑ
ReplyDeleteවත්සලා
ReplyDeleteඔබ ඉවතලා
ඉඟ ගස්සලා
යයි පැද්දිලා.............
ගෑණු ළමයි ඔහොමද රන්ඩු වෙන්නේ?
අපේනං ඔය කාලේ කෙල්ලෝ අතර ඔය වගේ එව්වා උනේම නෑලු. මං ඔය වගේ එව්වා ගැන ලියන්නෙත් නෑලු -_-
ReplyDeleteවත්සලාත් මරු වැඩ කරන්නේ.. :)
ReplyDelete