Saturday, November 2, 2013

ව්‍යාපාරික පුවතක්




අද ලිපිය වෙන් කරන්නෙ පුංචි ව්‍යාපාරයක් වෙනුවෙන්.  ඒ තමයි මගේ ආදරණීය සැමියා මෙහෙයවන නව ව්‍යාපාරය - 'Indika Automation'.

සපයන සේවා ගැන මං පුංචි විස්තරයක් කරන්නම්.
Indika Automation හරහා ඔබගේ නිවාස වයරින් කිරීම සිදු කරගන්න පුළුවන්.  අලුතෙන් හදපු ඔබේ නිවසේ විදුලි සැපයුම් ආරක්ෂාකාරී වගේම දැරිය හැකි අයවැයකින් සිදු කරගන්න පුළුවන්.
මීට අමතරව කර්මාන්තශාලාවල යන්ත්‍ර ස්ථාපිතකරණය, නවීකරණය සහ අළුත්වැඩියා කිරීමත් සිදු කරනවා.  ඒ වගේම කර්මාන්තශාලාවලට අවශ්‍ය කරන යන්ත්‍ර දැරිය හැකි අයවැයකින් වැඩේට ඕන විදියට අළුතින්ම නිර්මාණය කිරීමත් සිදු කරනවා.

මේ ව්‍යාපාරයෙන් කෙරෙන කටයුතු ගැන වඩාත් හොද විස්තර සහිත ලිපි පහතින් දැක්වෙන  Indika Automation බ්ලොග් අඩවිය හරහා ඔබට බලාගන්න පුළුවන්.  මේ දවස් ටිකේ නම් ඒ බ්ලොග් අඩවිය වැඩිපුර යාවත්කාලීන වෙලා නෑ.  නමුත් ලගදිම කරපු අළුත් වැඩ ටිකක් ගැන විස්තර දාන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ.

මෙන්න ලිපිනය :
indika-automation.blogspot.com


17 comments:

  1. මමත් ආවෙමි සිඟිතිව බලන්න......

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් මගේ පුංචි බ්ලොග් අඩවියට පිලිගනිමි.

      Delete
  2. ඉන්දිකගේ අළුත් වැඩේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්ඩ කියලා පතනවා... :)

    ReplyDelete
  3. අම්මටසිලි සිලි...

    ReplyDelete
  4. LED බලුප් නැද්ද ? හොඳ ඒවා

    ReplyDelete
    Replies
    1. හොඳ ඒවා කියල අදහස් කලෙ...? කරන්න අවශ්‍ය කාරිය විස්තර කරන්න

      Delete
  5. ඔන්න මමත් සුබ පැතුවා!

    ReplyDelete
    Replies
    1. සුභ පැතුම් සිඟිති! ව්‍යාපාරය සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත්වේවායි පතමි!අපිත් එන්නම්කෝ ඔහොම වැඩක් තිබුණොත්. :)

      Delete
    2. එන්න එන්න උඩින්ම කරල දෙන්නම්.. :)

      Delete
  6. ඔබ දෙපලගේ වැඩ කටයුතු සාර්ථක වේවා!!!

    ReplyDelete
  7. සුබ පතනවා සිඟිති.... මම අදමයි මෙහෙට ආවේ...

    ReplyDelete
    Replies
    1. සුබ පැතුමට ස්තූතියි! දිගටම එන්න ආරාධනා කරනවා.

      Delete
    2. මහත්තයට මෙන්න මේ පෝස්ට් බලන්න දෙන්න සිඟිති..එයා කැමති වේවි මේවා බලන්න ......

      "එදිනෙදා ජීවිතය | Trance : ප්‍රහාරක ජෙට් නියමුවන් පුහුණු කිරීම . Fighter Pilot Requirements.".


      "එදිනෙදා ජීවිතය | Trance : 02 ප්‍රහාරක ජෙට් නියමුවෙකුගේ සහ ප්‍රහාරක හෙළිකොප්ටර් නියමුවෙකුගේ වෙනස් කම් 02 fighter-pilot-requirements".

      "එදිනෙදා ජීවිතය | Trance : රූපවාහිනී ආයතනයක ප්‍රධාන පාලක මැදිරිය".

      "එදිනෙදා ජීවිතය | Trance : සම්පූර්ණයෙන්ම විදුලියෙන් ධාවනය වන ටෙස්ලා මොඩෙල් කාරයේ විස්තර ටිකක්. Tesla Model S"


      "ඇයි අපිට ජපානෙන් 300% බද්දට වාහන ගේන්න උනේ?1960 දී ලංකාවේ මෝටර් රථ තාක්ෂනය විනාශ කළ සිරි ලංකා මැතිණිය.උපාලි මැස්ඩා ආයතනය විනාශ කල පාපතර දේශපාලන සිල් ඇත්තන්.| cessation-of-upali-mazda !"


      "එදිනෙදා ජීවිතය | Trance : යුධ සිහි වටන සහ යුධ අවි අතර වෙනස නොදන්නා හරක් සඳහා පමණයි ! Pilots and bunkers."

      තව මේ වගේ ගොඩක් තියෙනවා තාක්ෂණික දේවල් මගේ බ්ලොග් එකේ ..එයාට ගැලපෙනවා..

      Delete
    3. මේවට එයා කැමති වෙයි නේන්නං. මං අද එයාට මේවා පෙන්නන්නංකෝ.

      Delete