Thursday, November 21, 2013

සිඟිතිගේ ආදරේ - 2 කොටස

කියපු විදියටම ඔන්න මං සිඟිතිගේ ආදරේ ඊලඟ කොටසත් අරන් ආව.  මුල් කොටස බැලුවෙ නැත්තං මෙතන කොටන්නකො.



මං බලාපොරොත්තු වුන දේම යාළුව කිව්වට මොකද ඉතිං ඒක ඇහුවම නං මං ඉතිං සීතල වෙලා ගියා.
බෑ.. ඒක වෙන්නෙ නැති දෙයක්.
මං එහෙම කිව්වම එයා ඇහුව ඇයි එහෙම කියන්නෙ කියල.
ආගම... ඔයා දන්නවනෙ අපේ අම්මලගෙ හැටි.  මං කිව්ව.
යාළුව බෞද්ධ වුනාට අපේ අම්මයි තාත්තයි කතෝලික. ඒ මදිවට ඒ දෙන්න යාළු වෙලා තමයි බැදල තියෙන්නෙත්.  අපේ තාත්තටත් වඩා අම්ම ගොඩක් කතෝලික සහකරුවෙක් පිලිබද දැඩි මතයක හිටපු කෙනෙක්.  ඉතිං මං කොච්චර කැමති වුනත් මේ වැඩේ ගෙදර යුද්ධෙකට මග පාදනව කියල මං හොදටම දැනං හිටිය.

ඔයා මාත් එක්ක තරහ වෙන්නෙ නෑ නේද?  අපේ යාළුකම නැති වෙන්නෙත් නෑ නේද?  යාළුව මගෙන් ඇහුව.
නෑ අපි හොද යාළුවො වගේ ඉමු.  මං ඔයත් එක්ක තරහ නෑ.  අමාරුවෙන් උනත් හිනා වෙලා මං කිව්වෙ යාළුවගෙ හිත හදන්න.
ඔයා දැං ගෙදර යනවද?
නෑ මං හර්ෂණීලගෙ ගෙදරත් ගිහිංම තමයි යන්නෙ.
යං.  මං ඔයාව එහාට ගෙනියල දාන්නං.
එපා ඕන නෑ.  මං යන්නං.
එහෙම කිව්වට ගොඩක් දුර යනකං මාත් එක්ක යාළුව තනියට ආව.

මං එහෙනං යන්නං...  මං එහෙම කියල හර්ෂණීලගෙ ගෙදර ගියා.

ඔන්න හර්ෂණීලගෙ ගෙදර ගිහිං ඒ වැඩෙත් කරල, තරමක විස්තරයක් සිද්ධිය ගැනත් කියල මං ගෙදර ගියා.
ඒ ගෙදර යන අතරමගදිත් අක්ක මට වෝනින් එවනව.  ඉක්මනට ගෙදර වරෙන් කියල.  අක්ක කිව්ව විදියට ගෙදර තුන්වෙනි ලෝක යුද්දෙට සූදානම් වෙලා මං ගෙදරට ගොඩ වුනා.

ම්හු... කිව්ව විදියෙ යුද්ධයක් තියා ඉතුරු වෙච්ච ආයුධ කෑල්ලක්වත් පේන්න නෑ..  ගෙදර පරිසරය සාමාන්‍යයි.  සාමාන්‍ය ආකාරයටම මාත් ඉතිං කාමරේට ගියා.  ටිකකින් අක්ක ආව කාමරේට.

ඇයි මොකද වුනේ?  මං ඇහුව.
තමුසෙ මෙතන මගුලෙ යනව.  මං බැනුං අහනව.  ආවට පස්සෙ කවුරුත් මුකුත් කියන්නෙත් නෑ.  මං විතරක් බැනුං අහල නිකං ඉන්නව.  අපේ අක්ක මට බනිනව.

ඇයි අම්ම මොකද කිව්වෙ?

අම්ම එනකං මට බැන බැන ආව උඹ තමයි ෆෝනුයි එක එක සිමුයි අරන් දිදී නංගිව  නරක් කරන්නෙ කියල. ආව ගමන් තාත්තගෙන් ඇහුව තමුසෙ කොහෙද ගියෙ කියල.  තාත්තත් කිව්ව අන්න සුරේෂ්ව හම්බවෙන්න යනව කියල ගියා කියල.  ඉතිං අම්මට තවත් මල.  මට තවත් බැන බැන හිටිය.  බැරි තැන තමයි මං මැසේජ් කලේ.  දැං තමුසෙ ආවම මුකුත් නැති ගානට ඔක්කොමල්ල ඉන්නව.  මට එතකං පණ යනකං බැන්න.

අපේ ගෙදර සාමාන්‍යයෙන් මට තරමක පිලිගැනීමක් තියනව.  ඉතිං ඔය වගේ බැනුං මට අඩුයි.  ඒකටත් එක්ක මගේ බැනුනුත් එක්ක අහන්නෙ අපෙ අක්ක තමයි.  පව් ඉතිං.

තමුසෙ ඇත්තටම කොහෙද ගියෙ?  අපේ අක්ක ඒ පාර සීඅයිඩී පාර දාන්න ගත්ත.
මං ගියෙ හර්ෂණීලගෙ ගෙදර. යද්දි හංදියෙදි සුරේෂ්ව හම්බුනා.  මට විතරක් කුඩේ යටින් යන්න බැරි නිසා මංමයි කුඩේ දුන්නෙ ඉහලන්න කියල.   ඔයාල අපිව දකින්න කලිං එයා දැකල කිව්ව ඔයාල එනව කියල.  මගෙන් ඇහුව පාර පැනල යන්නද කියලත්.  මං තමයි එපා කිව්වෙ අපි හොර වැඩක් කරනව නෙමේනෙ කියල.

ආ.. ඒකගෙත් හොර හිතනෙ..

ඔන්න ඊට පස්සෙ ඉන්න ගමන් අක්කට කියපු විදියටම වෙච්ච සිද්ධිය මං ප්‍රසිද්ධියේ ප්‍රකාශ කලා.  තාත්ත හිනා වෙනව කොහොමද වැඩේ.  අම්ම හොදට ඇද ගත්ත නේද කිය කිය.
ඊට පස්සෙ වැඩේ ෂේප්.

 සිඟිතිගේ ආදරේ තවත් කොටසක් සමග ලගදීම හමුවෙමු...

28 comments:

  1. මෙච්චර කොටට පෝස්ට් දාන සිරිතක් ‍තියෙනව ද? ඊළඟ පාර මේ වගේ ඩබල් දාන්න ඕනේ. නැත්තං අපි තරහ යි :(

    ReplyDelete
    Replies
    1. අනේ තරහ වෙන්න එපා ඉතිං. ධාරාගේ ඉල්ලීම නිසාම ඊලග පෝස්ට් එක දිගට ලියන්නංකො... :)

      Delete
    2. අපෝ අපෝ..
      දිගට පෝස්ට් දාන්ඩෙපා.. එතකොට අපි වගේ කම්කරු ජනතාව කියවන්නේ කොහොමෙයි.. දවසකට පෝස්ට් නම් කීයක් තියේද කියවන්ඩ.. හිහ් :)

      Delete
    3. හපොයි දෙයියනේ... දැං මං කාගෙ කතාව ද අහන්නෙ?

      Delete
    4. මුකුත්ම නොදා ඉන්න සිඟිති :D

      Delete
  2. අපේ ගෙදරත් ඔය සෙතේමයි.. අහන තරමක් බැනුං අහන්නේ මං. අපේ මලයට වගේ වගක් නෑ..
    ගෙදර ලොකු එවුං ඉන්නේ බැනුං අහන්ඩමද කියලත් වෙලවකට හිතෙනවා...
    සිඟිතිට නං මොකෑ ඉතින් නෙහ්.. :)

    ReplyDelete
    Replies
    1. ගෙදර ලොකු එකා පොඩි එකා එනකං ගන්න ෆුල් සැලකිලි ටික පොඩි කාලෙදි පොඩි එකාට ලැබෙන්නෙ නෑනෙ.. ඒක නිසා වෙන්ඩැති ලොකු එවුන් පස්සෙන් පහු ඔය හැටි බැනුං අහන්නෙ... :)

      Delete
    2. //ගෙදර ලොකු එවුං ඉන්නේ බැනුං අහන්ඩමද කියලත් වෙලවකට හිතෙනවා//
      සහතික ඇත්ත මධුරංග.

      Delete
    3. වැඩි හරියක් බ්ලොග් ලියන්නෙ ගෙදර ලොකු එවුංමද මන්දා...
      ඉතිං ඇයි ඔය ගෙදර ලොකු එවුවො ඔය හැටිම බැනුං අහන්නේ? :)

      Delete
    4. සිඟිති දන්නේම නෑ එහෙනං.. අනේ පලයං නඟා යන්ඩ !
      එනවා මෙතන බබා වෙන්ඩ ! හෙහ් හෙහ් :)

      Delete
    5. නඟා.... කවුද බොලං නඟා?.. බ්ලොග් එකේ දාල තියන උපන්දිනේ හැටියට මං බොට වඩා වැඩිමල් හරිද... හිහ් හිහ්...

      Delete
    6. හෙහ්.. නඟා ඔහේ නේ. අක්කගේ නඟා !
      මෙතන තියෙන්නේ අක්කා බැලුං අහන සීන් එකක් නේ...නඟා තමා හම දේටම හොඳ.. හොඳා හොඳා :)

      Delete
  3. කොටස් දෙකම බැලුවා සිගිති.
    ඊගාව කොටසත් බලාපොරොත්තු වෙනවා.

    ReplyDelete
  4. අපෝ කොටයි කොටයි තව ටිකක් දිගට ලියන්න තිබ්බා.

    ReplyDelete
    Replies
    1. මේ හැලප මාමාත් මාත් එක්ක එකඟ වෙලා තියෙන්නේ. ඔය මධූ අයියා කියන ඒවා අහන්නේ නැතු ව ඊළඟ එක දිගට දාමු.

      Delete
    2. හරි හරි ඊලග එක දිගට ලියන්නංකො...

      Delete
  5. මාත් බැලුවා කොටස් දෙකම ඔන්න..........

    සිඟිති කිවුවට ඉතිං සිඟිති නෑ නේද අක්කෝ :D

    ReplyDelete
    Replies
    1. සිඟිති කියල කතා කරන්න අරන් තියෙන්නෙ මං චුට්ටි කාලෙනෙ. දැං ඉතිං සිඟිති කිවුවට සිඟිති නෑ තමා නංගෝ... :)

      Delete
  6. සිගිති කුතුහලය අවුස්සා පෝස්කට්ටුව කෙටි කිරීම පිලිබදව මගෙත් සම්පූර්ණ විරෝධය.
    මට නම් ඕකෙ අනික් පැත්ත ගොඩක් වෙලාවට මං කරන නසරාණි වැඩ වලත් වාඩුව යන්නෙ මගෙ ආදරණීය මලයා පිටින්. මං අහිංසකයා කියලා තමා හැමෝම කියන්නෙ. හි... හි.... ;-)

    ReplyDelete
    Replies
    1. වැඩිමලාගේ හිරිහැරවලින් දුක් විදපු බාලයෙක් ගැන ඇහුවමයි. හික්ස්.. අපරාදෙ පොඩි කාලෙ මල්ලිව හම්බුනා නං අපේ ට්‍රික්ස් උගන්නන්න තිබුන ඔය කතාව කියාගන්න බැරි වෙන්න.. හික්ස් :)

      Delete
  7. ඉතුරු ටික ඉතින් හිතා ගන්න පුළුවන් :D

    ReplyDelete
    Replies
    1. හිතපු විදියමද කියල ඉතුරු ටික ලිව්වම කියවල කමෙන්ට් එකක් දාන්නකො.. :D

      Delete
  8. මේ නොදන්නා කමටය් අහන්නේ හොඳම යාලුවා පෙම් යෝජනාවක් ගෙනාවොත් මොකද වෙන්නේ ...? අපි ඉතින් ඔය ප්‍රේමය ගැන දන්නේ නෑනේ අප්පා ..:D

    ReplyDelete
    Replies
    1. මොකද වෙන්නෙ කියල බලන්න ඉතුරු ටික ලිව්වම එන්නකො බලන්න.. :)
      අනේ ප්‍රේමය ගැන නොදැනම ඔච්චර වයසට ගියපු එක අපරාදෙනෙ ඉවාන්.. :D

      Delete
  9. තාත්තලා, දුවලාගේ ලව් ස්ටෝරිස් දිහා මැදිහත්ව බලනවා නේද? මම ගොඩාක් තැන්වල දැකලා තියෙනවා..පුතාලාගේ ලව් වලට පොඩි කොක්කක් දානවා. තාත්තලා හරි ටොප් ජාතියක් සිඟිති.

    ReplyDelete
    Replies
    1. එහෙනං අරූගෙ දුවටත් කිසි අවුලක් නැතුව ලව් ස්ටෝරිය ගෙදරට ප්‍රකාශ කරන්න පුළුවන් වෙයි නේද?
      අපේ තාත්තා අපේ ලව් ස්ටෝරිය දිහා බලපු විදිය මට මේ මෑතකදි කිව්වා. හප්පා මට විලි ලැජ්ජාවයි. ගෙදරට කියන්න කලිං දැනං ඉදල නෙව.. හැබැයි අම්මටවත් කියල නෑ.. :)

      Delete
    2. සිඟිති.......අපේ දුවගේ ආදර කතාව අති සාර්ථක හතරවෙනි වසර පසු කරනවා. එකම යුනි එකේ. දෙගොල්ලන්ගෙම ගෙවල්වල යනවා එනවා. සුද්දා බෝයි කෙනෙක් වුනාට ඌ හරිම හිතවත් වැදගත් ළමයා...මගේ හොඳ යාළු ෆිට් එක. වයිෆ් එක්කත් එහෙමයි. සුද්දා පේරන්ට්ස්ලාත් අපේ දුවට පන වගේ ආදරෙයි. බඳිනවාද නැද්ද කියන එක ඒ දෙන්නා තීරනය කර ගනියි...ඒක අපිට අදාල නැහැ.

      Delete
    3. ඔන්න මාත් දුවට සුභ පැතුව කියන්න. අරූ වගේ හොද තාත්තෙක් ලබන්න අරූගෙ දුව පින් කරල තියනව කියල කිව්වත් කියන්න හොදේ...

      Delete