Saturday, December 7, 2013

සිඟිතිගේ ආදරේ - 5 කොටස

අපේ විවිධාකාර පන්තිවලට තිත වැටුනෙ දෙන්නගෙම අධ්‍යාපන කටයුතු හින්ද.  2007 මැයි මාසෙ වෙද්දි කටුබැද්ද ආධුනිකත්ව තාක්ෂණ ආයතනයේ ඉලෙක්ට්‍රොනික විශේෂ ඩිප්ලෝමා පාඨමාලාවට මගේ වෙන්ඩ හබි (ඒ කාලෙ) පිටත් වුනා.  ඒ වෙනකොට විස්ස විද්දියාලෙ යන්න තේරිලා හිටපු මට රාජ්‍ය බැංකුවකට සම්මුඛ පරීක්ෂණයට නියමිත දිනය දන්වල ලිපියකුත් ලැබුන.  දැං මං සේවය කරන්නෙත් ඕකෙම තමයි.  මොකක් කරන්නද හිතාගන්න බැරි තත්ත්වෙකට තමයි පත් වුනේ.  අම්මගෙ හීනෙ විස්ස විද්දියාලෙ.  තාත්ත නොකිය කියනව බැංකුවට යන්න කියල.  සුදු අම්මත් අහන්නෙ බැංකුවට ගියොත් හොදයි නේද කියල.  මං ඔය අන්ත දෙක අතර අතරමං වෙලා.  සති අන්තෙ එයා නිවාඩුවට ආවම මොන මොනවහරි ගෙදරට කියල එලියට පැන ගත්ත.  ගිහිං හම්බවෙලා ඇහුවා මොකද දැං මං කරන්නෙ කියල.

ඔයා යන්න කැමති මොකේටද?  එයා අහනව.
අනේ මන්ද.  මට හිතාගන්න බෑ.  මං කිව්වෙ ඇත්තටම.
කැම්පස් ගියොත් හොදයි නේද? පස්සෙ හරි රස්සාවකට යන්න පුළුවන්නෙ.

එච්චරයි.  මං විස්ස විද්දියාලෙ යන්න තීරණය කරා.  ටික දවසකින් ඒකත් පටන් ගන්නව කියල ලියුමක් ලැබිල අගෝස්තු මාසෙ ඉදන් අර එපා කරපු බදුලුකරේට මං පිටත් වුනා.

ඔය අතරෙ නොකියම බැරි සිද්ධි කීපයක් තියනව කියන්න.

වෙන්ඩ හබි කටුබැද්දෙ යද්දි එයාට ජංගම දුකක් තිබුනෙ නෑ.  දැං ඉතිං කොහොම මැසේජ් කොටන්නද?  ඒකට විසදුමක් විදියට දෙයියො දුන්න වගේ එයත් එක්ක එකට හිටපු යාළුවෙක් ගාව ෆෝන් 2ක් තිබුන.  ඉතිං ඒ යාළුවත් අනුකම්පා කරල 1ක් මෙයාට පාවිච්චි කරන්න දුන්න.

හැබැයි ඉතිං දවල්ට ඔය මුකුත් කරන්න බෑ.  මොකද ATI එකට ෆෝන් ගෙනයාම සපුරා තහනම්.  රෑට තමයි කොටන කෙටිල්ලක්.  ඒ දවස්වල ඉන්කමිනුත් විනාඩි 2යි ෆ්‍රී.  ඊට පස්සෙ සල්ලි කැපෙනව.  හප්පා ඕනෙ නෑ.  එහෙම හරි රෑටවත් මැසේජ් කොටන එක ඇන හිටියෙ ෆෝන් එකේ හිමිකාරය ගාව තිබුන ෆෝන් එක ලිදට වට්ට ගත්තට පස්සෙ.  දැං ඉතිං කොහෙන්ද ෆෝන්...

ඒ සතියෙ ඒක නිසා මහ රෑ ජාමෙ අම්මල නිදා ගන්නකං ඇහැරං හිටපු මං බයේ ගිඩි ගිඩි ගගා ගිහින් අම්මලගෙ කාමරේට දුරින්ම තියන දුරකථනය වෙච්චි තාත්තගේ තැපැල් කන්තෝරු කාමරේ ටෙලිපෝං එකෙන් වෙන්ඩ හබිට කෝල් ගත්ත.  දැං හිතනව ඇති ඇයි මගේ දුකෙන් නොගත්තෙ කියල.  ඇයි බොලව් ඒ කාලෙ විනාඩියකට අය කරන්නෙ දැං වගේ නෙවේ ගිනි ගණන්.  කාඩ් එක ඉවර වුනාම ආයෙ කාඩ් දාන්න සල්ලි ඉල්ල ගන්න වෙන්නෙත් අම්මගෙන්.  ලෙඩ ගොඩක්නෙ.

ඔය සේරම හින්ද රෑට එයා යාළුවෙක්ගෙ ෆෝන් එකකින් මට මැසේජ් කරාම මං කළුවරේ බොහොම සීරුවට කන්තෝරුවට ගිහිං ඒ නොම්මරේට ගන්නව කෝල් එකක්.  ඒකත් වෙලාව බලල විනාඩි එක හමාරෙන් කට් කර කර ගන්නෙ.  නැත්තං යාළුවගෙ කාඩ් එකට තට්ටු වෙනවනෙ.  ඔය කට්ට කකා ඉද්දි තමයි ඉෂ්ට දේවතාවියක් වගේ මගේ යාළුවෙක් වෙච්චි භාග්‍යා නංගි අපේ සහයට ආවෙ.  එයාගෙ පරණ ෆෝන් එක සානුකම්පිතව අපිට එයා පරිත්‍යාග කලා.  යාංතං රෑට කන්තෝරුවට රිංගන වැඩේට තිත තියන්න ලැබුන.  ඊට ටික දවසකට පස්සෙ වෙන්ඩ හබි ෆෝන් එකක් ගන්නකල්ම අපිට සහයට හිටියෙ භාග්‍යාගේ ෆෝන් එක තමයි.

ඔය සිද්ධි අතරෙම තමයි අපේ අක්කට අපි දෙන්නව මාට්ටු වුනෙත්.  ඒක නං විලිලැජ්ජාවෙ සන්තෝසෙ බැරි සිද්ධියක්.

ඒ දවස්වල රටේ නැති මොකක් හරි බොරුවක් හදාගෙන ගෙදරින් එලියට පැනල වෙන්ඩ හබිව හම්බ වෙන්න යනවනෙ.  ඔහොම යද්දි එයා හැමදාම කියන දෙයක් තමයි අපි ගැන අක්කට කියන්න කියන එක.  ඒ වුනාට මට හිතට මොකක්ද වගේ අක්කට කියන්න.  ඒක නිසා මං ඕක දවසින් දවස කල් දම දමා හිටියෙ.  ඔහොම යද්දි දවසක් අපි පේරාදෙණියෙ ගියා.  ඔව් ඔව් අර මල් වත්තට තමයි.  ඕකත් ලේසි පාසු වැඩක් නෙවී.  උදේ රැයෙන්ම ඕකට එන කපල්ස් සමර්හවුස් බංකුවල ඉදගත්තම පරක්කු වුනොත් ඉදගන්න තැනක් නැතුව දවසම අැවිදින්න තමයි වෙන්නෙ.  ටික දවසක් ගිහිං පුරුදු වුනාම අපිත් එක සමර්හවුස් එකක බංකුවකට පුරුදු වුනා.  හැබැයි සමර්හවුස්වල බංකුවක් අල්ලගත්තට දවසම ඔතන ඉන්න නං කලාවක් තියනව.  මොකද ගාඩ්න් එකේ වටේ යන ටික්කො (අපි එයාලට කිව්වෙ එහෙමයි) සමර්හවුස් බෙන්ච්වල ඉන්න කපල්ස් උනත් පන්නනව අසංවරනං.  අසංවර නැතත් හැම තිස්සෙම හිටයත් කෑ ගහනව ඔය බෙන්ච් තියෙන්නෙ එන අයට කෑම ගන්න ඉදගන්න කියල.

http://i.cdn.turner.com/ireport/sm/prod/2008/04/23/WE00013833/83900/Anon1208946384-TheSummerHouse815120_lg.jpg
මෙන්න අපේ සමර්හවුස් එක


ඔය හේතුව නිසා අපි දෙන්න නං කරන්නෙ උදේ ගාඩ්න් එක ඇතුලට යද්දි කෑම ගොඩක් ගෙනිහින් දවස තිස්සෙම කන එක.  ටික්කො එන ඕන වෙලාවක අපි දෙන්න අතේ කෑමක්.  කොහොමද ටිකිරි මොලේ... ;)

ඉතිං ඔහොම ගාඩ්න් එකේ ඉන්න දවසක අපි සමර්හවුස් එකේ බෑග් තියල ටික වෙලාවක් අර ලොකු ගහ තියන පිට්ටනියෙ තණකොල ගොල්ලට ගියා ඉදගන්න.  එදා පොඩි ලමයි රොත්තක් එක්ක කට්ටියක් ට්‍රිප් එකක් ඇවිත් හැමතැනම ඉදගෙන කෑම කනව. මගේ ජංගම දුකයි පුංචි පර්ස් එකයි එයා සාක්කුවෙ දාගෙන අපේ බෑග් එතනම තියල ගියේ එයාලට ඉඩ දෙන්න.  ඔහොම ගිහිං ටික වෙලාවක් පිට්ටනියෙ ඉදගෙන ඉදල අපි ආපහු කට්ටිය කාල ගියාට පස්සෙ සමර්හවුස් එකට ආව.



ඔහොම එදා දවස පේරාදෙණියෙ ඉදල වෙනද යන වෙලාවටම වගේ අපි දෙන්නත් ගෙදර යන්න පිටත් වුනා.  ගෙදර ගිහින් ඔන්න මම ෆෝන් එක අරගෙන ගෙදර ආව කියන්න මිස් කෝල් එකක් ගහන්න හදද්දි කෝල් ලිස්ට් එකේ අපේ අක්කගෙන් ආව කෝල් එකක් තියනව.  වෙලාව බැලුව.  දවල් තමයි ඇවිත් තියෙන්නෙ.  විනාඩි ගානක කෝල් එකක්...

වැඩේ හිතාගන්න පුළුවන්නෙ.  අපි පිට්ටනියෙ ඉදගෙන ඉන්න වෙලාවෙ අක්ක රින්ග් කරල.  වෙන්ඩ හබිගෙ සාක්කුවෙ තිබ්බ ෆෝන් එක දන්නෙම නැතුව එබිල කෝල් එක ආන්සර් වෙලා.  අපේ අක්ක විනාඩි දෙක තුනක් කන දී ගෙන ඉදල වැඩේ තේරුනාම කට් කරල නිකං ඉදල.  හපොයි....

ඒ සතියෙ අක්ක ගෙදර ආවම ඒක නිසා අක්කට විස්තරේ අනිවාර්යයෙන්ම කියන්න වුනා.  ප්‍රතිචාරය මොකක් වෙන්න ඇති කියලද හිතන්නෙ?
එයා කිව්වෙ
හ්ම්ම්...  මට තේරිච්ච වෙලාවෙ දුක හිතුනා.  ඇයි මට තමුසෙ කිව්වෙ නැත්තෙ කියල.  ඒ වුනාට මං පස්සෙ සතුටු වුනා.  ඒකා හොද කොල්ලා.  ඔයා බෑ කිව්ව කියපු දවසෙ ඇත්තටම මට දුක හිතුන.  මං හිතුවෙ තමුසෙ හා කියාවි කියල.
(කියන්න බැරි වුනා.  මං අර ඉස්සෙල්ලම පන්සල් ගියපු දවසෙ ඇවිත් අක්කට කිව්වෙ බෑ කිව්ව කියල)

ඔන්න අපේ අක්ක.  සුපිරිම තමයි.  එයා නොහිටින්න මං අද මෙතන නෑ.

අතුරු කතා ලියන්න ගිහිං අද කතාව දික් වුනා.  තවත් කොටසක් එක්ක ආයෙත් හමුවෙමු...

30 comments:

  1. එපා කරපු බදුලු කරේ..

    අනේ පැටියෝ එහෙම කියන්න එපා...

    ReplyDelete
    Replies
    1. දේශකයාගේ ගම් පලාත නම් සමාවෙන්න ඕන. ඒත් මක් කරන්නද එක එක අයගේ ජීවිතේට ලැබෙන අත්දැකීම් අනුව සමහර ගම් පලාත් අපිට එපා වෙනව නෙව.
      මං හිටිය කියල මතක් කරන්න අකමැති පලාතක්.. එහෙදි හමුවුන බොහෝ පුද්ගලයන් නිසා. හැබැයි ඒ පුද්ගලයොත් ඒ පලාතට අලුත් අය. ඒකත් නොකියම බෑ.

      Delete
    2. අපොයි සමාව ගන්න කිසිම කාරණයක් නැහැ. ඒ උනත් මම නං හිටිය කිසිම පලාතක් ගැන අහිතක් හිතල නැහැ... හැක් හැක්.. ඔය බදුළු කරේ හැතිකරේ කඩු පොළු අරගෙන ආවොත් තමා වැඩේ.. හැක් හැක්..

      Delete
  2. එපා කරපු බදුලු කරේ ,සිඟිති කන්න තමයි හදන්නේ ඉතිං ,අපේ ගම්වලට එන්න ඉතින් පින් කරලා තියෙන්න ඕනේ හරිද?
    අර ෆෝන් එක ඕන් වෙලා තියෙද්දී අක්කට ඇහෙන්න ඇත්තේ වචනද නැත්තං......එක්කෝ ඕනේ නෑ

    ReplyDelete
    Replies
    1. හප්පොච්චියේ ඉවාන්... උඹේ නං කට හොදයි.... අනේ අම්මපා ඇත්තට... අපි හොද ලමයි හරිද...? අනික අච්චර අර තඩියට තඩියෙ තියන පිට්ටනියෙ ඉදගෙන ඉද්දි වචන නැතුව වෙන මොනවත් ඇහෙන්න පුළුවන් ද මෝඩයො...?

      Delete
  3. ඔය තත්පර ගානට කතා කරන එකනම් අපිත් කලා.

    ReplyDelete
    Replies
    1. තත්පරේ අගය දන්නා තවත් කෙනෙක් එහෙනං...

      Delete
  4. කවුරු මොනවා කිව්වත් කැම්පස් යන්න අන්තිම තීරණේ දීල තියෙන්නේ හබියා :D මොකද තමුන්ට බදුල්ල පෙන්න බැරි? සීතල නිසා හුස්ම ගැනීමේ අපහසුතා ඇති වුණත් මම නං හෙන ආස යි. හැම අවුරුද්දෙ ම දෙපාරක් යනවා සංචාරය සඳහා (මොකද තාත්තගේ මහ ගෙවල් බදුල්ලේ. ඌව වෙල්ලස්ස කැම්පස් එකට පොඩි දුර යි) ළාවට වගේ අද පෝස්ට් එක දිග යි :) මොනවා වුණත් අක්කා නං සුපිරි අක්කා කෙනෙක්. මමත් කවදා හරි අපේ නංගිට ඒ වගේ අක්කා කෙනෙක් වෙනවා (කියනකොට මෙහෙම යි කරනකොට එහෙම යි)

    ReplyDelete
    Replies
    1. හා එහෙනං නංගිට ඒ වගේ අක්කෙක් වෙලා ලියමුකො ඒ වගේ අත්දැකීමක් අපිටත් කියවන්න...
      තාත්තලෑ ගෙවල් හිදගොඩ කිට්ටුව ද 2 කණුව පැත්තෙද?

      Delete
    2. 2 කණුව පැත්තේ. දන්නව ද දන්නේ නෑ ඔයා පැල්ගැහැතැන්නේ පන්සල. අන්න ඒ කිට්ටුව!

      Delete
    3. හාහ් හාහ් හා ධාරා නගාගෙ තාත්තා අපේ ගමේ කොල්ලෙක් එහෙනං.

      Delete
    4. අඩේ ගමේ කොල්ලෙක් එහෙනං...

      Delete
  5. පෝස්ට් එක දිගයි කියන්න එපා,තව ටිකක් ලිව්වනං හොඳයි.තව කොටසක් තියෙනව නේද

    ReplyDelete
    Replies
    1. තව කොටස් 1ක් නෙවේ ගොඩක් තියනවා...

      Delete
  6. පොඩ්ඩක් හරි කතා කරන එකේ අමුතු හැඟීමක් තියෙනවා.. ඒක කියන්න තේරෙන්නේ නෑ. විදින්නම ඕන..

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත... ඒත් විදේශාධාර මත යැපෙන කාලෙ ආර්ථිකේ හරහට හිටිනවනෙ..

      Delete
  7. බදුල්ලට නං එපාකරපු බදුලුකරේ කියන එකට මම් මනාප නෑ.. බදුල්ල කොච්චර සුන්දර ද ? ඔයැයි බෙලිහුල් ඔයැයි විස්ස විද්‍යාලෙද ?
    ඔය සමර් හවුන් එකට යන්නේ නැතුව බට ගස් තිබ්බ දිහාට්ට ගියා නං ශේප් එකේ ඉන්න තිබ්බා. එතකොට විසිලුත් නෑ.. එහෙම නැත්තං වවුල්ලු ඉන්න තැන තිබ්බා ලොකු බෙනයක් හැදිච්ච ගහක්. අන්න ඒක නම් කියාපුම ප්ලේස් එක.. මොකෙට්ටවත් පේන්නෙ නෑ... හි... :)

    ඉතුරු ටිකත් ඉක්මනට ලියන්ඩ සිඟිති !!! ගොඩක් නං ලියන්ඩෙපා !

    ReplyDelete
    Replies
    1. මලය දන්න දේවල්... ඔය ගස් අස්සෙ රිංගල සත්තු සර්පයින්ට කියල කවාගන්නවට වඩා අපිට අපේ සමර්හවුස් එක හොදා... හි... :)
      බදුල්ලෙ හිටි අවුරුදු 2ට දේශගුණෙයි වටේ පිටේ හිටපු අයගෙ හිත්වල හොදකමටයි මං ඇටසැකිල්ලක් වුනා. ගෙදර උදවියයි, මහත්තයයි නොහිටින්න මට පණ පිටින් නං බදුල්ලෙන් එන්න වෙන්නෙ නෑ.. ඒ තරමටම කල කිරිලයි හිටියෙ මං... එක එක අයගෙ ජීවිතේ ලැබෙන විවිධ අත්දැකීම්නෙ මලයො... මං ඌව වෙල්ලස්සට ගියෙ...

      Delete
    2. ඔය කෙට්ටු වෙන්ඩ හේතුව දේශගුණේ නෙමේ සුදා...
      ඕකට එකම හේතුව තමන්ගේ ඈයොන්ගෙන් වෙන්වෙලා ඉන්න වෙන දුක... ඒ නිසයි කෙට්ටු වෙන්නේ.. කොටින්ම ආදරේ කරපු වෙන්ඩ මහත්තයාගෙන් වෙන් වෙලා ඉන්න සිද්ද වෙච්ච එක හිතේ පැලපදියම් වෙලා තියෙන්ඩැති :)

      Delete
  8. අද දිගයි.. මං කියවන්නෙ නෑ ..

    ReplyDelete
    Replies
    1. උඹ කියවන්නේ නැත්තං නිකා හිටපන්. අපිට පාන් ද? ඔක්කොම උන් බලාගෙන ඉන්නවා සිඟිතියා දිග පෝස්‍ට් එකක් දානකං. උඹ ඇවිල්ලා කියනවා දිග යි. මරන්න හිතෙනවනේ.

      Delete
    2. අනේ ලමයි රන්ඩු වෙන්න එපා. මෙතන පාර්ලිමේන්තුව නෙමේ මරාගන්න...

      Delete
  9. පස්සෙ ඇවිත් නිවාඩු ව කියවන්නම් සිඟිති. මේ දවස්වල වැඩ ගොඩක හිර වෙලා.

    ReplyDelete
    Replies
    1. වැඩ ගොඩ ඉක්මනට ඉවර කරන් එන්නකො මේ පැත්තෙ හෙමීට.. :)

      Delete
  10. සිගිතිගේ ආදරේ සිගිති නැහැ වගේනේ..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්. නම සිගිති වුනාට ආදරේ සිගිති වෙලා බෑනේ..

      Delete
  11. //ඔය හේතුව නිසා අපි දෙන්න නං කරන්නෙ උදේ ගාඩ්න් එක ඇතුලට යද්දි කෑම ගොඩක් ගෙනිහින් දවස තිස්සෙම කන එක. ටික්කො එන ඕන වෙලාවක අපි දෙන්න අතේ කෑමක්. කොහොමද ටිකිරි මොලේ... ;)// :D ඔන්න අද නම් කියෙව්වා. එහෙම තමා අක්කල ගෙ තියන වටිනාකම!

    ReplyDelete
  12. මටත් ඉතින් ඔය අද්දැකීම් තියෙනවා... ලස්සන කාලයක් .... දිගටම ලියන්න සිඟිති...මට මග හැරුණු කොටස් ටිකත් මම කියවන්න ඕනේ..

    ReplyDelete
  13. මං මේ බ්ලොගියට අළුත්ද ?

    ReplyDelete
  14. සේරම කියෙව්වා ඉතුරු ටික දාන්න කාලේ හරි දැන් :D

    ReplyDelete