Wednesday, October 23, 2013

ගෑනු ළමයෙකුට පෙම් හසුනක්

මේ අපි ඉස්කෝලෙ කාලෙ කරපු වැඩක්.  එතකොට මං 11 වසරෙ හිටියෙ.  ආයෙ ඉතින් කියන්න දෙයක් තියනවෑ.. ජීවිතේ සුපිරිම පිස්සු කාලෙ.

ඒ දවස්වල මං ගණං පන්ති ගියපු සර් ඉරිදා දවස්වලට දැම්ම වෙනම ජ්‍යාමිතිය පන්තියක්.  ඒකට 11 වසර විතරක් නෙමේ 10 වසරෙ ලමයිනුත් ආව.  සර් ඒක කලේ දෙගොල්ලන්ටම පොදු විදියට.  අපි ඉතින් පන්තියෙ ලොක්කොනෙ එතකොට.  ඒක නිසා අපි තමයි පන්තියෙ මුල්ම පේලිවල හිටියෙ. ( මම කියන්නෙ ගෑනු ලමයෙක් නිසා තමයි මෙහෙම වුනේ.  පිරිමි ලමයි නං ඕකෙ අනිත් පැත්ත මයෙ හිතේ.)

ඒ දවස්වල ඉස්කෝලෙ අපේ පන්තියෙ අපේ කණ්ඩායමේ හිටපු ලමයි දෙතුන් දෙනෙක් අපිත් එක්ක තරහ වුනා.  ගෑනු ලමයි අතර තරහක් කියන්නෙ ඔය පිරිමි ලමයි වගේ ගුටි ඇන ගැනිලි නෑ වචන හුවමාරු විතරයි.  ලගින් ගියොත් මොකක් හරි ඇනුම් පදයක් කියනව වගේ දේවල් තමා අපි තරහ වුනාම කරන්නෙ.  මං කිව්වනේ මේ අපේ කණ්ඩායමේම ලමයි දෙතුන් දෙනෙක් කියල.  ඒ කියන්නෙ කලිං මෙයාල අපේම යාළුවො.  ඉතින් මේ පන්තියට මුලදි අපි එකට තමයි ගියෙ.  හැබැයි කට්ටියටම එකම පෝලිමේ ඉද ගන්න ඉඩ මදි නිසා පෝලිම් දෙකක තමයි ඉද ගත්තෙ.  ඒ ඉද ගද්දි මම මගේ යාළුවො එක්ක ඉස්සරහ පෝලිමේ.  මේ දෙතුන් දෙනා අපිට පිටිපස්සෙ පෝලිමේ.  තරහ වුනත් මේ ඉද ගන්න විදිය වෙනස් වුනේ නෑ.

කොහොම හරි මෙහෙම තරහෙන් ඉන්නකොට ඉතිං අපි විවිධ ක්‍රම කල්පනා කරනවනේ තරහකාරයට රිටන් එකක් දෙන්න.  එහෙම කල්පනා කරද්දි අපිට රත්තරන් වගේ අදහසක් පහල වුනා.

අපේ තරහකාරයො සෙට් එකේ ඉන්නව කවදාවත් මේ වෙනකොට යාලුවෙන්න පිරිමි ලමයෙක් පස්සෙන් ආවෙ නැති ගෑනු ලමයෙක්.  එයාට ඒ ගැන සෑහෙන හිතේ අවුලකුත් තිබුන.  ඒ වගේම එයාගෙ රූපෙ ගැනත් අපි වගේ නෙමේ හෙනම සැලකිල්ලයි.  ඒත් ඉතිං කවුරුත් අහන්නෙ නෑ.  මේක නිමිති කරගෙන තමා අපිට අර අදහස පහල වුනේ...  හිතාගන්න පුළුවන් ද මංදා අපේ හිතට ආව අදහස... :)

http://fc00.deviantart.net/fs71/i/2013/137/0/c/commission_high_school_love_by_toongrowner-d65jkd0.png

අපි අර ළමයට කොල්ලෙක් ලියන විදියට චිට් යවන්න ගත්ත. හික්ස්...

අපේ යාළුවො සෙට් එකේම අකුරු එයා අදුරන නිසා අපි මේ වැඩේට අපේ බොක්කම ෆිට් එකක් වෙච්ච නංගි කෙනෙක්ව තමා යොදා ගත්තෙ.  අර අපි ‘අපි‘ කරපු හැටි පෝස්ට් එකේ කියපු අත් දෙක දෙපැත්තට දාගෙන කොන්ක්‍රීට් එක උඩට පැනපු නංගිම තමයි මේ නංගි.  අදහස කියපු ගමන් හරි අක්කෙ මං කරල දෙන්නං කියල බොහොම ආසාවෙන් වැඩේට සහයෝගය දුන්න.  චිට් එක ලියල එයාල පන්තිය වෙලාවෙ හෙමීට ඉස්සරහට එවනව.  එහෙම තමයි ප්ලෑන් එක.

පලවෙනි දවසෙ චිට් එක අපේ තරහකාරයාගේ අතට ලැබුන.  කුටු කුටු සද්දෙයි ඇඹරිල්ලයි නිසා අපි ඒක තේරුං ගත්ත.  අපිට හෙන සැටිස්..  වැඩේ තේරුනාට අපි නොතේරුනා වගේ පන්තියෙ හිටිය.  අර සෙට් එක නං චිට් එක ලැබුනට පස්සෙ පාඩම අහගත්තෙම නෑ.

http://us.123rf.com/400wm/400/400/mammothis/mammothis1201/mammothis120100006/12002194-the-girl-received-a-love-letter-and-she-was-surprised.jpg

දෙවනි දවසෙ අපි එයාලට පිටිපස්සෙන් ඉද ගත්ත.  පිටි පස්සෙ ඉදන් අර නංගි එවන චිට් එක එතකොට අපිමයි අර ලමය අතට දෙන්නෙ.  ඒකෙන් මේ සිද්ධිය අපිත් දැන ගත්ත කියල ඒ ලමයට දැන ගන්න අරින්නයි අපිට ඕන කලේ.  ඔන්න එදත් වැඩේ හරි. චිට් එක ආව.  එවෙලෙ ඉදන් මුං පාඩම අහගන්නෙ නෑ.  කැරකි කැරකි අර කොල්ලව හොයනව.  එදා නං අපිටත් වෙන වැඩක් නෑ.  අර ලමයින්ගෙ ඇඹරිල්ල බල බල අපිත් හිටිය.

මේ වැඩේ අර ලමය හෙනම සීරියස් විදියට අරන් කියල තේරුනේ ඊට පස්සෙ සතියෙ මේ ලමය අර චිට් ඉස්කෝලෙ යාලුවන්ට පෙන්නන්න ගෙනාව කියල දැන ගත්තම.  අපි ඒ වෙනකොට අර නංගිට කියල හොද දිග පෙම් හසුනක් ලියවගෙන තිබුනෙ ඊලග පාර අර ලමයට දෙන්න.  ඒ වුනාට ඒ වැඩේ නිකංම නතර වුනා.  කොහොම හරි පන්තියත් ඒ වෙද්දි ඉවර වෙන්න ලං වෙලා තිබුනෙ.  ඒක හින්දද මංද වැඩේ දිගට ගියෙ නෑ.

දැං නං ඒක ගැන හිතද්දි අර ලමය පව් කියලත් හිතෙනව.  ඒත් ඉතිං ඒ කාලෙ ඒ වගේ ආතල් නොගත්තනං අද කාලෙ මේ වගේ පෝස්ට් ලියන්නත් බෑ නෙව.  ඉස්කෝලෙ ගිහින් ඉවර වෙන්න ලං වෙනකොට නං දැන ගත්ත පස්සෙ අර ලමයට ඒ චිට් එව්වෙ අපි කියල ආරංචි වුනා කියල.  ඇයි ඉතිං අපි ඔක්කොම එකට හිටපු යාළුවොනෙ.

ඔන්න ඔහොමයි අපි ගෑනු ලමයෙකුට පෙම් හසුන් ලිව්වෙ....

14 comments:

  1. ඒ කාලේ ඔහොම ජොලි වැඩ නොකෙරුවා නං මෙහෙම ලියන්ඩ පෝස්ටුත් නෑ.. මොකද පාඩම් කරපු එවුවා ලියන්ඩ කියලා යෑ :)

    ReplyDelete
  2. කෙල්ලෙක් කෙල්ලෙක්ට ලවු ලෙටර් ලියයි. ඒකෙත් අවුලක් නෑ. හැබැයි බොරුවට බලා පොරොත්තු දුන්න එක නම් පවු.

    ReplyDelete
    Replies
    1. //දැං නං ඒක ගැන හිතද්දි අර ලමය පව් කියලත් හිතෙනව// කියල මං ලිව්වෙ ඒ හේතුව නිසාම තමයි. දැන්නෙ ඒව හිතෙන්නෙ. ඒ කාලෙ ඕවා හිතුනෙ නෑ. ඇයි අනේ අපි තරහයිනේ...

      Delete
  3. "මං නිතර යන තැන් " විජට්ටුව තුන් පාරක් තියෙනවා සිඟිත්තෝ !
    දෙකක් අයිං කලා නං !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. කියනකං දැක්කෙ නෑ. මං ඒක එකතු කලේ අපේ ශාඛාවේ ඉබි ගමන් කනෙක්ෂන් එක හරහා. වැඩේ කරද්දි දෙල් වෙලා. ඔන්න දැං නං හරි. :)

      Delete
  4. අදමයි ඉසව්වට ගොඩ වැදුනේ වලව්වේ තිබුන කොමෙන්ටුවෙන් තමයි හොයාගත්තේ සිඟිති කෙනෙක් බ්ලොග් ලියනවා කියල. මගේ වයිපරේගේ අක්කත් සිඟිති අපි නම් කියන්නේ සිඟා, හිඟා වගේ නම් (ආදරේට) හික් හික් හික්

    ReplyDelete
    Replies
    1. නමේ හැටියට මං හිතුව වයස බර ගානක් ඇති කියල. මේ ඇච්ච කොල්ලෙක් නෙව. ස්තූතියි මේ පැත්තේ ආවට

      Delete
  5. සිඟිති සිඟිති වැඩ කරලා තමයි ලොකු වැඩ කරන්නේ නේද? දිගටම ලියන්න.

    ReplyDelete
    Replies
    1. කියවන්න මේ පැත්තෙ එනවනං සිඟිති වැඩ ගැන ඉස්සරහට තව කියවන්න ලැබේවි. ස්තූතියි.

      Delete
  6. අම්මටසිලි සිලි කිව්වලු. ඒ කාලේ කෙල්ලෝ දෙන්නෙක්ට හක සැරේ ලව් කරපු කොල්ලෙක් අර කෙල්ලෝ දෙන්නට ලියපු ලියන් දෙකක් හිතලම මාරු කරලා දීපු හැටි මතක් අනා.
    අදමද කොහෙද ආවේ. එන්නං ඈ

    ReplyDelete
    Replies
    1. ලියන්න ලියන්න. මාත් කියවන්න එන්නං. වැඩේ කරාට පස්සෙ මිනිහ නවතින්න ඇත්තෙ ඉස්පිරිතාලෙ මයෙ හිතේ. හික්ස්.

      Delete
  7. අද වෙන්න ඕනෙ මම මේ පැත්තෙ ආවෙ. දිගට ම ලියන්න. සුබ පැතුම්! ගෑණු නෙමේ ගෑනු හොඳේ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. වැරැද්ද ඉක්මණටම හදන්නම්.

      Delete
    2. වැරැද්ද පෙන්නල දුන්නට ස්තූතියි. ඔන්න හරි දැං.

      Delete