අයියයි අක්කයි නං නාන්න යන්න වගේ. මං නං යන්නෙ නෑ ඔය පැත්තට. ඔය වතුර ඇගේ ගා ගන්න එක මහ එපාම කරපු දෙයක්. දෙන්න නාල එනකං මං චුට්ටක් නිදා ගන්නව.
අනේ මේ අක්කටත් ඕන නැති එකක් නෑනෙ. ඒ පාර අයියට කියනව මාව නාවන්නලු. අයියගෙ තුන් හිතකවත් තිබුනෙ නෑ මාව නාවන්න. දැං අක්ක කියපු නිසා එයත් මාව නාවන්න හදනව. මට බෑ මට බෑ මට බෑමයි. මගේ මේ කකුලත් රිදෙනව. මේ බලන්නකො. අනේ මං චුට්ටක් නිදා ගන්නං. ඒ පාර දංවැල උස්සන් එන්නෙ මොකටද මං අහන්නෙ. මං නං ඔන්න නාන්නෙ නෑ. නාන්න ඕන කියපු කෙනාව නාවන්නකො. මාව අල්ලගන්නෙ මෙතන. අයියෝ මට දංවැල් දාන්න එපා. මට බැරියෝ..........
දැං ඉතිං ඔළුවටත් එක්ක හලයි අර සීතල වතුර. ඉන්නවකො මං අක්කට හොද පාඩමක් උගන්නනව මට මේ කරපු දේට. හ....පෝ..........යි....... සීතලා........යි. හරි හරි දැං ඇති ඔය වතුර දැම්මා. මගේ ඇගේ කුණුත් නෑ. ආං හරි. දැං නං මං ආස වැඩක්. අයිය සබන් ගාලා මාව අතුල්ලන්නයි යන්නෙ. ඒ වැඩේ හරිම සැප වැඩක්. අයියත් දන්නව මං ඒකට කැමති කියල. ඒක නිසා අර අනිත් නකුට්ටව වගේ නෙමේ මාව ටිකක් වැඩිපුර සබන් ගාල එයා අතුල්ලනව. හප්පා.... තියන ස...නී....පේ.....
අයියෝ ඉතිං ආයෙත් අර ජරා සීතල වතුර. ඉක්මණට අනේ....... ඇති දැං..... හැටි විතරක්. හිනා වෙවී ඉන්නව මෙතන මාව නාවන්න දාල. ඉන්නකො මං ආයෙ මූණ බලන්නෙ නෑ. හරි හරි දැං ඇති.
එන්න එන්න අයියෙ දැං මාව පිහින්න. නාල තණකොල ගොල්ලෙ දිගා වෙලා අයියත් එක්ක ඇග පිහිදව ගන්න එක හරි සනීප වැඩක්. නියමා......යි. අරූ දැං ඉරිසියාවෙ නහින්න හදනව. මං තව ටිකක් සෙල්ලං කරනව. චහ්... තියන සනීපයක්. ආ හරි... දැං හරි. ඔන්න යන්තං නාලත් ඉවරයි. එන්නකො අයියෙ තව ටිකක් සෙල්ලං කරමුකො. අරූ ඉරිසියාවෙ බුරලම පණ යයි දැං. හි හි.... නානව කියන එකත් ජොලි වැඩක් අර වතුර දාන කෑල්ල නැත්තං..
මේ අපේ ගෙදර ඉන්න බල්ලො දෙන්නගෙන් වැඩිම පිස්සුවක් තියන සංජුව නාවන්න ගියාම ඒකා කරන වැඩ දැකල ඒකට හිතෙනව ඇත්තෙ මෙහෙමයි කියල මට හිතිච්ච ටිකක්. බල්ලො පූසො කරන වැඩ දිහා ටිකක් බලං හිටියම උන් හිතනව ඇත්තෙ මෙහෙමයි කියල කල්පනා කරන එකත් හරිම ජොලි වැඩක්. නිකමට වගේ කරල බලන්නකො.
ආදර කතාවට මදකට විරාමයක් තියල අද ටිකක් වෙනස් දෙයක් ලියන්න හිතුව. ආදර කතාවේ පාඨක සැම මාත් එක්ක අමනාප වෙන්න එපා. ඊලග කොටස ඉක්මණටම ලියනවා හොදේ...
සමහර බල්ලෝ හරි කැමති යි නාන්න :) හ්ම්ම්, මට තාම බල්ලෙක් නෑ. කොච්චර කිව්වත් අරගෙන දෙන්නෙත් නෑ. පව් මම :( බල්ලා ගැන කියලා අපි ව රවට්ටන්න ද හදන්නෙ? දාන්න යි කිව්වේ අර කතාවේ දිග ම දිග කොටසක්.
ReplyDeleteබල්ලන්ගෙ වාසනාව වෙන්ටැ මයෙ හිතේ... :)
Deleteබල්ලා ගැන කියල රවට්ටනව නෙවෙයි අප්පා. පොඩ්ඩක් ඉවසල හිටින්න නගා ඉතුරු ටික ලියනව කිව්වනෙ...
අපේ ගෙදර බල්ලෝ නං නෑ..
ReplyDeleteඒ වෙනුවට ඉන්නේ පූසෝ... කහපාට බඩ තඩි පූසෙක් ඉන්නවා.. උගේ නම "ඉඳා"
ඉඳා ඉඳා කියලා කිව්වහම තමා මූ එන්නේ... !
කනවා.. කාලා නිදියනවා... වෙන කිසී...ම වැඩක් කරන්නේ නෑ.. ! ගාෆීල්ඩ් වගේ ! කම්මැලි වහන්සේ කෙනෙක් !
ඉඳා :D
Deleteමේම නමක් තියෙනෙ ඒ පූසට විතර වෙන්නැති :D :D
අපේ ගෙදර ඉන්න එකාට කතා කරන්නෙ ඉසේ කියල. ඒ නමට විතරක් නෙමේ මෝඩයා, පිස්සා වගේ නම් වලටත් ඌ “ඈහ්“ ගාගෙන එනව. ( “ඤාව්“ නෙමේ) ඌත් මධු මලයලගෙ ඉදා වගේ තමයි. වස කම්මැලියි. ඉදාගෙ වැඩවලට අමතරව අපේ ඉසේ නම් කරන්නෙ අපේ කාමරේ පාපිස්සෙ චූ කරල යන එක තමයි.
Deleteබෑ බෑ මටත් නාන්න බෑ.
ReplyDeleteඇත්තටම සිඟිත්තො නිකන් ඉත්දි ගහකොල සතාසීපාවා ගැන වෙනස්ම විදියට හිතත්දි කොයි තරම් වෙනස් අදහස් අපේ හිත් වලට එනවද නේද?.
හා හා ගිහිං නාගෙන එන්න. ගෙදර ඉන්න පොඩි එකා පවු. මෙච්චර දුර ඉදල අපිටත් නාහෙ අකුලගන්න වෙන එකේ ඒකා කොහොම ඉන්නව ඇද්ද?... :)
Deleteමේ සිතුවිලි වලට අපේ මහත්තයත් බාගෙට බාගයක් සම්මාදං වෙනව. අපි දෙන්න ගොඩ වෙලාවට කරන දෙයක් තමා සත්තුන්ට හඩ කවන එක...
අවුලක් නැහැ සිගිතියෝ දැන් ඔය බල්ලෝ නෑවත්,නොනෑවත් කිසිම අවුලක් නැහැ.උන්ට හොදට කන්න දෙන්න දැන් පුළුවන්නේ.
ReplyDeleteබජට් එකෙන් ඒවාට ගහාපු ටැක්ස් ඔක්කොම අයින්කරලායි තියෙන්නේ.
ඔය මැද්දෙ බංගලාවෙ ඉන්න කට්ටිය එයාලගෙ නෑයො ගැන නොහිත අපි ගැන හිතන්නයැ මනෝ... :)
Deleteබල්ලා නාන්න අකමැති එක අහන්නත් දෙයක් යැයි සිඟිතියා නාන්නෙම නැතිකොට ...:D
ReplyDeleteහා හා කට කට...
Deleteඕවා මෙහෙමත් ප්රසිද්ධියෙ කියන කතාද ඉවාන්... :)
//බල්ලො පූසො කරන වැඩ දිහා ටිකක් බලං හිටියම උන් හිතනව ඇත්තෙ මෙහෙමයි කියල කල්පනා කරන එකත් හරිම ජොලි වැඩක්.// මේක මමත් කරන වැඩක්. අපේ පූස් ආච්චි ගැන කියවන්න ඇති නේ. එයා ව නාවල ඉවර වුණා ම මට හති.
ReplyDeleteබලන කොට සත්තුන්ට ආදරේ කරන ගොඩක් අයගෙ වැඩක් නෙව මේක...
Deleteසුපිරි කතාව......
ReplyDeleteස්තූතියි!
Deleteමේ පැත්තට අලුතෙන් නේද? සාදරයෙන් පිලි ගන්නවා..
මටත් අපේ ජෙෆ් ව නාවන කොට ඔහොම හිතෙනවා..හැබැයි මගේ එකා නම්..හිටපු ගමන් කුටු කුටු ගගා මොන මොනවදත් කියනවා...බනිනවා වෙන්න ඇති මං හිතන්නේ..
ReplyDeleteසිඟිතියෝ..මේක හරිම සරලයි හැබැයි ශෝක්....
හොද වෙලාවට තේරෙන්න කියන්නෙ නැත්තෙ. නැත්තං ඒ ටික ලියන්න වෙන්නෙ අර සංකේත ගොඩක් දාල මයෙ හිතේ...
Deleteජෙෆ්ව වැඩියමත් නාවන්න යන්න එපා. හදිසියෙවත් ඕකා සිංහලෙන් බනින්න ගත්තොත් ඉදල හමාරයි නෙව.. හිහ් හිහ්..
බව් බව්!!
ReplyDeleteසිංහලෙන්ම කිව්වනං... ඔය කියපු ටික අපිට තේරුනේ නෑ සමී...
Delete