Saturday, October 26, 2013

කේන්දර සහ අපේ ජීවිත

http://www.eseva.lk/media/catalog/product/cache/1/image/9df78eab33525d08d6e5fb8d27136e95/r/e/read_horoscope_1.jpg
කේන්දර ගැන ලියම්දෝ නොලියම්දෝ කියල ඉන්නකොට ඊයෙ දවසෙ කියවන්න ලැබුනු කේන්දර ගැන පෝස්ට් කිහිපය නිසාම මේක ලියන්න ඕන කියල මට හිතුන.  වැඩිපුරම නදී නිම්නය කියෙව්වට පස්සෙ.

කේන්දරේ කිව්වම පොඩි කාලේ ඉදන් මට තිබුනෙ පුදුම කුතුහලයක්.  මොකද දෙමව්පියො කතෝලික වීම හේතුවෙන් කේන්දර විශ්වාසයක් අපේ ගෙදර තිබුනෙ නෑ.  හැබැයි අක්කටයි මටයි උපන් වෙලාව අනුව අම්මගේ යාලුවෙකුට කියල හදවගත්ත ජන්මපත්‍ර 2ක් නම් තිබුන. මගේ එකේ මං ගැන තිබුන පුංචි විස්තරේ ඇත්ත තමයි.  ඉතිං මට ඕකට හෙන සැටිස්.  ඔහොම ඉන්නකොට ලොකු කාලෙ මට හම්බ වුනා වෙලාව බලන සොෆ්ට්වෙයා එකක්.  ඕකට දිනෙයි වෙලාවයි දුන්නම ජීවිතේ හැම පැත්තක් ගැනම විස්තර කරන හෙන රිපෝට් එකක් එනව.  පුදුමෙ කියන්නෙ මං පොඩි කාලෙ වැටිල හිස්කබලෙ දකුණු පැත්තෙ පොඩි එබීමක් තියනව, ඒක පවා හරියටම මේ රිපෝට් එකේ තිබුන. (දැං ඉතිං හිනාවෙනව ඇති ආ ඒකනං හිතුන කියල.)  ඉතිං මේ සොෆ්ට්වෙයා එක නිසාත් මට කේන්දර ගැන සෑහෙන විශ්වාසයක් ඇති වුනා.



ඔන්න ඊට පස්සෙ උදා වුනේ ජීවිතේ වැඩියෙන්ම කේන්දර වැදගත් වෙන කාලෙ.  අපේ පවුල කතෝලික වුනාට මගේ මහත්තය බෞද්ධ.  ඒක නිසා එයාලගෙ ගෙදරින් කේන්දර බලන්න ඕන කිව්ව.  ඕකට අපේ ගෙදරට කේන්දරේ ඉල්ලනව කිව්වොත් වලියක් ෂුවර් නිසා මං මහත්තයට විස්තර කරල දුන්නට පස්සෙ මගේ උපන් වෙලාවට එයාලගෙ අම්ම මට කේන්දරයක් හැදෙව්ව.  ඊට පස්සෙ තමයි නියම කතාව.

ඒ කේන්දර හදපු කෙනා මං ගැන විස්තර එහෙම කරල කියල තියනව මට මේ දවස්වල ගොඩක් අපල කියල.  ඒ වගේමයි මගේ මහත්තයටත් මේ ගෙවෙන්නෙ එයාගෙ ජීවිතේ නරකම අපල කාලයලු.  ඉතින් විවාහය කරනව නං හරියටම තිතට නැකතට කරන්න කියල තමයි උපදේශය.  ඒත් එක්කම අපේ පොරොන්දං ගලපනවනෙ.  ඔන්න ඉතිං මේ කෙනත් අපේ පොරොන්දං ගලපන්න ගත්ත.  ඒකෙත් හැටි කියන්නෙ ඒව ගැලපෙන්නෙත් 50%-60% විතරලු. මේ දේවල් කරන කාලෙ වෙනකොට මහත්තය හිටියෙ රට.  ඉතිං මේව මගේ කනට එන්නෙ කෙලින්ම එයාගෙ අම්මගෙන්.  මොකද ලංකාවෙ හිටිය නං එයා හරහා සැර බාල වෙලා එන නිවුස් වුනාට මේ සේරම එයා නැති නිසා අම්ම මට කෙලින්ම කියනව.  ගැලපිල්ලත් මදි නිසා අර කෙනා කිව්වලු අපි දෙන්නට වෙලාවක එයාව හම්බ වෙන්න එන්න කියල උපදෙස් දෙන්න. 

මේ කතාව අහපුවාම මොනව වුනත් මගේ හිතට හරි නෑ.  මං ඉතිං හෙමින් හෙමින් මේ කතාව මහත්තය කතා කලාම කිව්ව.  එයාගෙ උත්තරේ වුනේ මොකක්ද දන්නව ද?
‘ඉතිං අපි දෙන්න ඔය හැටිම ගැලපෙන්නෙ නැත්තං මෙච්චර අවුරුදු 6ක් කවදාවත් රන්ඩු නොවී හිටියෙ කොහොමද අනේ? කේන්දර ඔය හැටි විශ්වාස කරන්න ඕන නෑ.  නැකත් වලට වැඩ ටික කරමු එතකොට හරි.‘
එයා කියපු කතාව සහතික ඇත්ත.  කොච්චර අර මනුස්සය කිව්වත් අපේ පොරොන්දං ගැලපීම අඩුයි කියල, අපි යාළුවෙලා අවුරුදු 6ක් වුනත් කවදාවත් රන්ඩු වෙලා තිබුනෙ නෑ.  වෙලාවකට අපි දෙන්න කතා වෙනව මේක හරියන්නෙ නෑ අපි දෙන්නත් ඔය අනිත් අය වගේ රන්ඩු වෙමු කියල.
ඔන්න ඉතිං ඒක අහල හිත සැහැල්ලු කරගෙන ඉන්නකොට ආයෙ දවසක ඔය පොරොන්දං ගැලපිල්ල ගැන පත්තරේ තිබුන ලිපි පෙලක් එකතු කරල එයාලගෙ අම්ම මට පෙන්නුව. ඒවයෙ ඔය එක එක ජාති ගැන විස්තර කරල තියනව.  ඒවයෙ හැටියට අපිට ලමයි හදන්නත් බැරි තරං. මගෙ ආයුෂත් මහත්තයගෙ ආයුෂ වලට වඩා අඩුලු. ගැහැණු කෙනා හරිනං පිරිමි කෙනාට වඩා ජීවත් වෙන්න ඕනලු. ඔය වගේ විවිධාකාර දේවල් ගොඩක් එදා ඒ ලිපි වලින් හොයාගෙන අම්ම මට කිව්ව.

හිතන්න පුළුවන්ද මං පත්වෙච්ච අපහසුතාවය? මං සද්ද නැතුව අහන් හිටිය. ගෙදර ගිහිං ගොඩක් කල්පනා කලා.  මං මේක මහත්තයටවත් කිව්වෙ නෑ.  මං දන්නව ඒක කිව්වොත් එයා ඒක පිලි ගන්නෙ නෑ.  එයා ඒ තරමටම මට ආදරෙයි.  හරි ඔය කියන හරුප ටික ගැන මං බලා ගන්නං කියල ඊට පස්සෙ මං හිතුව.

ලමයි නෑ කියපු මට අපේ පලවෙනි විවාහ සංවත්සරය වෙනකොට අපි දෙන්නම බලාපොරොත්තු වුන විදියෙ චූටි පැටියෙක් ලැබෙන්න ඉන්නව.  ඉතිං එදා ඒ කියපු විදියට කේන්දර ගැලපිල්ල ගැන විශ්වාස කරල ආයුෂත් අඩුයි, ලමයි හදන්නත් බෑ කියල මගේ මහත්තයගේ යහපත වෙනුවෙන් කියල මං එයාව දාල යන්න හිත හදා ගත්ත නං අද ඒ මනුස්සයත් දුක් විදිනව මාත් දුක් විදිනව.  මේ තරං ලස්සක ජීවිතයක් අපි දෙන්නටම නැති වෙනව.

කේන්දරවල ඇත්තත් ඇති.  ඒ වුනාට මගේ ජීවිතේට මං ඒව විශ්වාස කරන්න දැං ටිකක් හිතනව.  සුභ කටයුත්තක් කරද්දි නැකතක් බැලුවට කමක් නෑ.  ඒක හිතට හයියක්නෙ.  ඒ වුනත් කේන්දරේ විශ්වාස කරගෙන ඒකෙම එල්ලිලා හිටියොත් අපි දන්නෙත් නෑ අපිට අපේ ජීවිතේ මග ඇරිල යනව.  තමන්ගෙ ජීවිතේ දිව්‍ය ලෝකයක් කරගන්නත් අපායක් කර ගන්නත් පුළුවන් වෙන්නෙ තමන්ටමයි.  මං දැං විශ්වාස කරන්නෙ එහෙමයි.

13 comments:

  1. අනේ මම දන්නේ නැහැ මේවට මොනවා කියන්නද කියලා. අපි බැන්දේ මීට අවුරුදු 25 ඉස්සෙල්ලා. ඔය මොන ඉලව්වක් බැලුවෙත් නැහැ. තාම බලන්නෙත් නැහැ. ළමයත් ලොකුයි. එයත් බඳියි මෑතකදී. උන් ඕවා බලන්නෙත් නැහැ මට ෂුවර්. තමන් ගැන විශ්වාසය තියාගෙන වැඩකරන්න. අපේ දෙමව්පියෝ ඕවා සලකන්නෙත් නැහැ.

    ReplyDelete
  2. සමහර විට ඕව ගෙ ඇත්තක් ඇති. ඒත් මම හිතන්නේ ඕවට වහල් වීම හොඳ නෑ කියල යි.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. කීයටවත් ඒවට වහල් වුනොත් ජීවත් වෙන්න වෙන්නෙ නෑ.

      Delete
  3. අපේ අම්මත් මේ ලඟදි බැන බැන උන්නා කෙන්දර කියන එක මොකා හොයා ගත්තද කියලා !

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ මධුරංගටත් දැං කේන්දර බලන්න වෙලා වගේ... ;)

      Delete
  4. Replies
    1. අනේ කේන්දර කාරයොන්ගේ රෙද්ද මගේ කේන්දරේ හැටියටමම අවුරුදු 10න් අනිවා මැරෙනවා. දැන් 24ක් අනෙක තව බොරු ගොඩක් ඉගනගන්න බැහැ හොඳ රස්සාවක් කරනන් බැහැ රස්තියාදු කාරයෙක් වෙනවා..

      Delete
    2. තාම 24යිද ??? පොඩි එකෙක් නෙහ් :)

      Delete
    3. මෙන්න අවුරුදු 14ක භූතයෙක්!!!

      Delete
  5. හිත ඇත්නම් ඔය කේන්දර අහවල් එකටද කියනවනේ

    ReplyDelete
  6. මං අහම්බෙන් ඔයාගේ අඩවියට ආවාම මේක දැක්කේ.පරණ පෝස්ට් එකකට ලියලා වැඩක් නැති වෙයිද දන්නෙත් නෑ.ඒත් පුලුවන්නම් කියවන්න.කේන්දර යනු පොරොන්දම් නෙවෙයි.පොරොන්දම් නෙවෙයි මුලින්ම බලන්න ඕන දෙන්නගේ ග්‍රහ පිහිටීම්.පංචාග ලිතක් කියවන්න හැකි ඕනම කෙනෙකුට පොරොන්දම් ගලපන්න පුලුවන්.(ඒක දුරට විග්‍රහ කරන එක වෙනම කතාවක්).ආයුෂ පොරොන්දම වැඩියි අඩුයි කියලා ප්‍රශ්නයක් නෑ දැන්.අනික ඔය දරුවො ගැන කියලා ඔයා කියන්නේ වෘක්ෂ පොරොන්දම නම් එතනදි පිරිමියාගේ වෘක්ෂය කිරි සහිත නම් බය වෙන්න දෙයක් නෑ.ප්‍රධානම දේ පොරොන්දම් සියයට ගානක් ලෙස ගලපන්න යන්න එපා.අඩු ප්‍රතිශතය බලවත් වෙන්න පුලුවන්.ඔය දෙන්නා යාලු වුනේ ගොඩක් තරුණ කාලෙ කියලා උපකල්පනය කළොත් මට හිතෙනවා ඔයාලගේ කේන්ද්‍ර දෙකේම සඳු හෝ කිවි බලවත් කියලා.මොනවා වුනත් යමක් විශ්වාස කරනවානම් කරන්න.කරන්නේ නැත්නම් එපා.වාසියට විතරක් විශ්වාස කරන්න යන්න නම් එපා.www.amuthusithuwili.wordpress.com

    ReplyDelete